කිරි මවකගේ විලාපය | සිළුමිණ

කිරි මවකගේ විලාපය

මාගේ කිරි ටිකෙන් ඔබේ කය සවිවූවා
ඒ කය තුළින් හොඳ මිනිසෙකු ඇතිවූවා
මාගේ ගොම ටිකෙන් අටුකොටු සරුවූවා
අටුකොටුවලින් ඔබ ධනපතියෙකු වූවා

ධනපති කමින් ඔබ මට සලකනවාද
ඔබේ සිත තුළත් කරුණාවක් තිබෙනවද
සිත තුළ තිබෙන දුක් සිතුවිලි දැනෙනවද
අද ඔබ මෙසේ මා තනිකර යනවාද

හංදියේ මස් කඩය දැන් දැන් ළංවෙනවා
මරුවා ඇවිත් යමු යමු යැයි අමතනවා
මගේ දරුවන් දමා අද මම වෙන් වෙනවා
දෑසින් කඳුළු බිඳු එක දෙක වැගිරෙනවා

පී.ඩී. අයේෂා සංජීවනී
12 ශ්‍රේණිය ‘ඒ’,
ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල,
බළන්ගොඩ.

Comments