
පාන්දර අවදි වී තුනහමාරට
පාසල වෙත ළඟාවෙමි හතහමාරට
නිමාවේ පාසල දහවල් එකහමාරට
ගෙදරට එන්නේ සවස තුනහමාරට
ටියුෂන් පටන් ගන්නේ සවස පහමාරට
වෙන්නේ අවසන් රෑ අටහමාරට
ගෙදර එන්නේ රෑ නවයාමාරට
වැඩ අවසන් වෙන්නේ රෑ එකොළහමාරට
පැය හතරක කාලයකට
කෙටි නින්දක් ලැබගෙන
වෙහෙසත් සමඟ අවදි වන විට
දවසක අවසන සිදුවිය එලෙසට
ශාන් විමුක්ති බණ්ඩාර
12 ශ්‍රේණිය,
අසෝක විද්‍යාලය,
කොළඹ 10