විජය නන්දසිරි එච්චර හොඳට රඟපෑවේ කොහොමද? | Page 68 | සිළුමිණ

විජය නන්දසිරි එච්චර හොඳට රඟපෑවේ කොහොමද?

වේදිකා, රූපවාහිනී හා සිනමා නිර්මාණ තුළ විජය නන්දසිරි මහතාගේ රඟපෑමේ එක් විශේෂ ලක්ෂණයක් දැකිය හැකිය. එනම් කිසියම් රිද්මයානුකූල බවක් ඒ සෑම රංගනයක් තුළ ම රඳවා ගැනීමයි. ඔහු ඇවිද්දත් ඇවිද්දේ කිසියම් රිද්මයකටය. අවශ්‍ය නම් ලාලිත්‍යයකට යැයි ද කිව හැකිය. දෙබස් කීවත් කීවේ කිසියම් රිද්මයකටය. අවශ්‍ය නම් අතපය සෙලවීමක් නොව ඇඟිල්ලක් සෙලවීමක්, ඇසිපිය ගැසීමක් දක්වා මේ රිද්මයානූකූල බව පවත්වාගැනීමට විජය නන්දසිරි සමත් වූ බව කිව හැකිය.

අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ රංගන ශෛලිය මෑත කාලයේ දී සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ යම් පුනර්ජීවනයකට හේතු විය. සාමාන්‍යයෙන් නාට්‍ය නොබලන පිරිස් පවා රංගශාලා කරා ගෙන්වාගැනීමට තරම් ඔහුගේ රංගනයන් ආකර්ෂණීය විය. ඔහු රඟපෑ ‘බල්ලොත් එක්ක බෑ’ එම කාලය තුළ වැඩිම වාරයක් වේදිකාගත වූ නාට්‍ය අතරට අයත් වන අතර ඔහු රඟපෑ අනෙකුත් නාට්‍ය වෙත ද පොදුවේ යම් ෙප්‍ර්ක්ෂක ආකර්ෂණයක් දැකගැනීමට හැකිවිය.

සැබවින්ම එම කාලය තුළ විජය නන්දසිරි මහතාගේ රංගනයන් කැපී ෙපනුණේ වේදිකා නාට්‍යවල පමණක් නොවේ. පුංචි තිරය හා රිදී තිරය ද ඔහුගේ රංගනයෙන් පෝෂණය විය. ‘එතුමා’ හා ‘නෝනාවරුනි මහත්වරුනි’ ඔහු රඟපෑ ජනකාන්ත රූපවාහිනී වැඩසටහන් අතරට අයත් වේ. ‘සිකුරු හතේ ’ ඇතුළු හාත්ස‍ෙයාත්පාදක සිනමා නිර්මාණ රැසකම ප්‍රධාන ෙප්‍ර්ක්ෂක ආකර්ෂණය වූයේ විජය නන්දසිරි මහතාගේ රංගනයයි.

ඉහත කී සියලු වේදිකා, රූපවාහිනී හා සිනමා නිර්මාණයන් තුළ විජය නන්දසිරි මහතාගේ රඟපෑමේ එක් විශේෂ ලක්ෂණයක් දැකිය හැකිය. එනම් කිසියම් රිද්මයානුකූල බවක් ඒ සෑම රංගනයක් තුළ ම රඳවා ගැනීමයි. ඔහු ඇවිද්දත් ඇවිද්දේ කිසියම් රිද්මයකටය. අවශ්‍ය නම් ලාලිත්‍යයකට යැයි ද කිව හැකිය. දෙබස් කීවත් කීවේ කිසියම් රිද්මයකටය. අවශ්‍ය නම් අතපය සෙලවීමක් නොව ඇඟිල්ලක් සෙලවීමක්, ඇසිපිය ගැසීමක් දක්වා මේ රිද්මයානූකූල බව පවත්වාගැනීමට විජය නන්දසිරි සමත් වූ බව කිව හැකිය. ‘බල්ලොත් එක්ක බෑ‘ වනාහී ශෛලිගත නාට්‍යයක් නොවේ. තාත්වික ගණයේ නාට්‍යයකි. විජය නන්දසිරි මහතා එහි රඟපෑවේ මන්ත්‍රීවරයාගේ චරිතයයි. එය ද තාත්වික චරිතයකි. එවන් චරිතයක් පවා ඔහු රංගනයෙන් ඉදිරිපත් කළේ කිසියම් රිද්මයානුකූල බවක් නිරතුරුවම රඳවා ගනිමිනි. මන්ත්‍රීවරයාගේ ගමන් කිරීමට ගමන් පදයක් නොවූව ද විජයගේ රංගනය දකින අයෙකුගේ මනසට අවශ්‍ය නම් විජය ඇවිදිද්දී ගමන් පදයක් ඇසෙන්නා සේ දැනෙනන්ට හැකිය.

සැබවින්ම මේ රිද්මයානූකූල ස්වාභාවය විජය නන්දසිරි පමණක් නොව බොහෝ සිංහල වේදිකා නළුවන් අඩු වැඩි වශයෙන් භාවිතා කරන්නකි. එය හොඳටම භාවිතා කළ අය අතරට විජය නන්දසිරි මහතා ද අයත් වන්නේ යැයි සිතමි. සිංහල නාට්‍යයට ෙප්‍ර්ක්ෂක ආකර්ෂණය ගෙනා මේ රංගන ලීලාව විජය නන්දසිරි මහතා ලබාගත්තේ කෙසේද?

එහිලා දයානන්ද ගුණවර්න මහතාගේ නාට්‍ය හා රංග ශෛලිය විජයට සුවිශේෂී ආභාසයක් වන්නට ඇතැයි සිතමි. දයානන්ද ගුණවර්ධන මහතා කෝලම් ඇතුළු අපේ ගැමි නාට්‍යයන්හි පවතින රංග ශෛලිය ඉතා සාර්ථක ලෙස ස්වකීය නාට්‍ය නිර්මාණ සඳහා උපයෝගී කරගත්තේය. කෝලම් ඇතුළු ගැමි නාට්‍ය ශෛලිය අනෙකක් නොව අපේ සාමාන්‍ය කතා ව්‍යවහාරය හා ගමන බිමන ඇසුරින්ම උපන්නක් බව ද එතුමා විසින් හඳුනාගෙන තිබීම එහිදී එතුමන්ට විශේෂයෙන්ම උපකාරී විය. අපේ ජීවන ශෛලිය හා අපේ නාට්‍ය ශෛලිය අතර පවතින සම්බන්ධතාව එතුමා විනිවිද දුටුවේය. එපමණක් නොව අපේ ජීවන ශෛලිය ස්වකීය නාට්‍ය රචනා තුළට ගෙන ඒමට ද එතුමා සමත් විය. (අවශ්‍ය නම් ජීවන ශෛලිය වෙනුවට ජීවන රිද්මය යැයි ද කිව හැකිය.) ඒ අනුව දයානන්ද ගුණවර්ධන මහතා හැඳින්විය යුත්තේ හුදෙක් දේශීය වේදිකා නාට්‍ය කලාවකට පදනම දැමීමට මුල් වූ අයෙකු පමණක් නොව දේශීය රඟපෑමේ ශෛලියකට ද (රංගන ශෛලියකට) පදනම දැමූ නිර්මාණකරුවකු වශයෙනි. විජය නන්දසිරි මහතා දයානන්ද ගුණවර්ධන මහතාගේ නරිබෑනා සහ ජසයා ලෙන්චිනා නාට්‍යවලට රඟපෑමෙන් දායක වී තිබේ. එසේම ඒ මහතා ‘ආනන්ද ජවනිකා’ නාට්‍යයට ද රංගනයෙන් දායක වී තිබේ. විජය නන්දසිරිට ස්වකීය ආකර්ෂණය රංගන රටාව ගොඩනංවා ගැනීමට මේ නාට්‍යය උපකාරී වූයේ යැයි සිතමි. විජය එසේ ගොඩනගාගත් රංගන ශෛලිය වේදිකාවට පමණක් නොව පුංචි තිරයට ද සිනමාවට ද ආලෝකයක් විය. ‘බල්ලොත් එක්ක බෑ’ ඔස්සේ සිංහල නාට්‍යයට අලූත් ප්‍රේක්්ෂකයන් ඇද ගැනීමට ද මූලික විය.

මෙහිදී තවත් නිරීක්ෂණයක් කළ හැකිය. එනම් අපේ නාට්‍ය සහ සිනමාව තුළ‘ඉංග්‍රීසි’ රිද්මය මත පදනම් වූ රංගනයක් ද පවතින බවය. සමහරුන්ට රංගනයෙන් ඉදිරියට යාමට මෙය බාධාවක් විය. එනම් ඔවුහු එය තුළ සිරවූහ. ගාමිණී පොන්සේකා මහතා නම් එය බිඳගෙන ඉදිර­ියට ගියේය. ඔහුට ‘සුද්දාත්’ ‘ගැමියාත්’ එකවර රඟපෑමට හැකිවිය. එනම් ඔහුට ‘සුද්දාගේ’ රඟපෑම් මෙන් ම ‘ගැමියාගේ’ රඟපෑම් ද විනිවිද දැකීමට තරම් බුද්ධිමය ඥානයක් ද රංගමය ඥානයක් ද තිබිණි. එහෙත් කෙසේ හෝ මේ ඉංග්‍රීසි ශෛලියෙන් අපේ රටේ රඟපාන්නට යාමේ දී අවුලක් තිබිණි. මේ අවුල ලිහා දැමුවේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. අපේ ජීවන ශෛලිය හා ඉංග්‍රීසි හා ඉන්දීය ආභාසයෙන් ගොඩනැගුණු රංගන ශෛලිය අතර ගැටුම ලිහා දැමුවේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. එතුමන් අපේ ජීවන ශෛලියට එකඟ නාට්‍ය පිටපත් රචනා කළේය. ඒ සමඟම අපේ ජීවන ශෛලියට එකඟ රංගන විලාසයක් ද නිර්මාණය කළේය. නොඑසේ නම් පුනරුත්ථාපනය කළේය. ලෝක රංගන ශෛලීන් තුළට අපේ රංගන ශෛලියක් එක් කිරීමක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකිය. එය නාට්‍ය කලාවට පමණක් නොව පුංචි තිරය රිදී තිරය ඇතුළු රංගනය අදාළ වන සියලූ ක්ෂේත්‍රයන්ට විපුල ඵල ප්‍රයෝජන උදාකළ උදාර නිර්මාණ කාර්යයකි.

මේ ගැමි රංගන ශෛලිය බැරූරුම් කතා පුවත් ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බව ද දයානන්ද ගුණවර්ධන මහතා ඔප්පු කළේය. ඒ ‘ගජමන් පුවත’ හා ‘ මධුර ජවනිකා’ තුළිනි. මේ හැකියාව දයානන්ද ගුණවර්ධන මහතාට ද ලැබුණේ ද එතුමා අපේ ජීවන ශෛලිය හැඳින ගෙන සිටි බැවිනි. ඉංග්‍රීසි ජීවන ශෛලිය පදනම් කරගෙන ෂේක්ස්පියර් නාට්‍ය රචනා කළා සේ ම දයානන්ද ගුණවර්ධන මහතා අපේ ජීවන ශෛලිය පදනම් කරගෙන නාට්‍ය රචනා කළේය. එතුමාගේ නාට්‍ය අපේ හදවත මෙන් ම බුද්ධිය ද විනිවිද ගෙන යන්නේ ඒ නිසාය. එතුමාගේ නාට්‍ය සහ අප අතර වෙනසක් නැත්තේ ඒ නිසාය. මේ විස්තර අවශ්‍ය වන්නේ දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය අගය කිරීමට ද වඩා එතුමන් ‘අපේ රඟපෑමක්’ සඳහා මග හෙළිකළේය යන අදහස සනාථ කිරීමට ඒවා ද අවශ්‍ය වන බැවිනි. ඒ අතරම තවත් කිවයුත්තක් වන්නේ දයානන්ද ගුණවර්ධන මහතා ජාත්‍යන්තරවාදියකු ද වන බවය. එයට හේතුව එතුමා විදේශයන්හි නාට්‍ය කලාව හදාරා තිබීම පමණක් නොවේ. එතුමාට The mairrage of Figor ප්‍රංශ නාට්‍යය ඇසුරින් බක්මහ අකුණු නිර්මාණය කිරීමට හැකිවූයේ එතුමා ප්‍රංශ හදවත හා සිංහල හදවත එකවර දුටු නිසාය. එතුමා 15වෙනි ලූවී රජතුමාගේ කාල සීමාව හා අපේ මුදලි වරුන් රජ කළ කාලය අතර සමානකමක් දකිමින් ම ඒ අනුභූතිය ‘බක්මහ අකුණු’ මගින් වර්තමානයට ද යා කරයි. මේ දේශයෙන් හෝ කාලයෙන් සීමා නොවන දැනුම ද දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍යයන් හි විශිෂ්ටත්වයට හේතුවන තවත් කරුණකි. එලෙස කාලය දේශය විනිවිද දුටු දයානන්ද ගුණවර්ධනයන් වෙතින් අපේ ම රංග ශෛලියකට පදනම වැටීම පුදුමයක් නොවේ. කාලයට හෝ දේශයට සීමා නොවන විශ්ව නාට්‍යවේදීන් අතරට දයානන්ද ගුණවර්ධන මහතා අයත් වන්නේ ද ඒ නිසාය.

විජය නන්දසිරි මහතා දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍යවල පමණක් මහැදුරු සරච්චන්ද්‍රයගේ ‘මනමේ’ ඇතුළු නාට්‍යයන්ට ද රංගනයෙන් දායක වී ඇත. ඔහු කලක් ප්‍රකට ව සිටියේ ‘මනමේ කුමාරයා’ වශයෙනි. නාට්‍ය කලාවේ ඉතා දීර්ඝකාලීන අත්දැකීම් හා පළපුරුද්ද නිසා දයානන්ද ගුණවර්ධනයන් පෑදූ මග ප්‍රගුණ කිරීම විජයට පහසු විය. ඒ ඔස්සේ ආකර්ෂණීය හා ‘අමු’ ද නොවන රංගන රටාවක් ගොඩනගා ගැනීමට සමත් විය.

කෙසේ වුවත් මා මේ කියන දෙය න්‍යායක් වශයෙන් ගැනීමෙන් වැඩක් නැත. විජය නන්දසිරි මහතා ද එය න්‍යායක් වශයෙන් ගත්තේ නැත. පළපුරුද්දෙන් හා කලාත්මක ඥානයෙන් භාවිතා කළේය. දයානන්ද ගුණවර්ධන මහතා ද මෙය න්‍යායක් වශයෙන් දේශනා කළේ නැත. රසික ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමේ විධික්‍රමයක් ලෙස භාවිතා කළේය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රවේශය ද එය ම විය යුතු යැයි සිතමි.

උදයසිරි වික්‍රමරත්න

Comments

Lankawenma Vijaya nandasiri Vitharamada Hondata rangapala Thiyenne? Ohu janappriya Honda naluwek Aka api kawruth Piligathautui, Hebei Me Boru warnana Mokatada E manussayatath karana Helluwak Man Kiyanne Me Heading Eka dapu Minihata Nandasiri Vitharada Oi Hondada ranga Pewe Lankawe?

පිටු