උතුරේ ගොවිබිමේ දලු ලන හරිත පැහැය | සිළුමිණ

උතුරේ ගොවිබිමේ දලු ලන හරිත පැහැය

දැඟලිලි නැළවිලි සැතපෙන
අහස පොළොව යා වෙන තැන
අනන්තයේ වුවද එතැන
හිතට ළඟම සැනසිලි ඇත
දුකක් නොගෙන ඉවසනු මැන
පොළොව නැතොත් අහසද නැත

අඳුර ඉරා ඇඳෙන විදුලි
එළිය ද දෙන සැක විමසිලි
අහස ගුගුරවන මහ වැසි
පොළොව තෙමන කඳුළු නිමිති
පුංචිම තණ පඳුරු කිනිති
සෝදාපාළුව වළකති

දුරක දෙතැන දෙහද නිබඳ
ආදර ගමනක එක මඟ
ගිමන නිවෙන නිවන දැනෙන
සිහිනය එළිවෙන යාමය
අහස පොළොව තනි ලෝකය

හිතම තමයි සංසාරය ලමන් පියසේන හිතකර පැළ වගේ ම වල් පැළත් යම් ප්‍රමාණයකට තියෙන්න ඕනැ. වස විස නැති ව හානිකර ඇතැම් කෘමීන් කෘමීන්ගෙන් ම පාලනය වනවා. බැරි ම අවස්ථාවල කෙහොඹ තෙල්, දුම්කොළ මිශ්‍ර කරපු සබන් වතුර යොදනවා. ඒක ප්‍රමාණවත්.

අපි කොහොමත් පොලිතීන් පාවිච්චි කරන්නෙ අඩුවෙන්. ඒ වගේම රොඩු ගිනි තියන්නෙ නෑ. පුංචි කාලෙ රොඩු ගොඩකට ගිනි තියලා අප්පාගෙන් ගුටි කෑවා. ගෙවත්තෙ අල පැළවල මුලට රොඩු අතුගාල එකතු කරන්න අපට පුරුදු කළා.

කිලිනොච්චිය නගරය පිබිදෙමින් සිටී. යුද්ධයෙහි අඳුරු දුමාරය වියැකී ගොස් ඇත. මංමාවත් ඉදිවෙයි. ඇද වැටුණු යෝධ වතුර ටැංකිය අඳුරු මතකය පිළිබඳ සංකේතයක් පමණි. කළු ගැසී දැවී ගිය මුදුන් රහිත තල් රුප්පාව මැදින් නව දලුපත් ලියලයි. තන්හි තන්හි කුඩා ඉඩම් කැබලිවල හරිත පැහැය පැතිරෙයි.

“පර්චස් විස්සෙ ඉඩමෙ මොන ගොවිතැන් ද මහත්තයො”

සරුසාර සිඟිති ගෙවත්තක මුල්ලුවකින් පස බුරුල් කරමින් සිටින සිවදර්ශන් පවසයි.

අවුකාස්ටකය සහ දූවිල්ල මැදින් කහට බැඳුණු දත් දෙපළක් සිනාසෙයි. අපරාජිත ජීවිතය ගොවිතැනට හුරු දෑතින් පණ ලබයි.

“අපේ තාත්තල යුද්දෙට ඉස්සර දකුණට ගිහින් ගොම, පාවට්ටා කොළ ආඩතෝඩා, පිල ගෙනැල්ල පොහොර හදලා වගාවට පාවිච්චි කෙරුවා. අපේ අස්වැන්නට දකුණෙන් හොඳ මිලක් ලැබුණා. යාල් දේවි කෝච්චියෙන් බඩු ප්‍රවාහනය කෙරුවා. යුද්දෙං පස්සේ ඔක්කොම විනාශ උනා. දැං ටිකක් හොඳයි”

පර්චස් විස්සකට සීමා වුව ද සිවදර්ශන්ගේ ගෙවත්ත විවිධ එළවළු හා රනිල කුලයේ බෝගවලින් අලංකාර වී ඇත.

යාපනයේ ගොවීන්ට ආවේණික වූ සම්ප්‍රදායන් කුඩා ගෙවත්තෙන් හඳුනා ගත හැකි ය. දඬු වැට, පස් වැටි, පොහොර වළ, හොඳින් කැපී පෙනේ.

සිවදර්ශන්ගේ ගෙවත්ත ඇතුළු ව වගා භූමි නිරීක්ෂණය කිරීමේ අවස්ථාව අප හට ලැබුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද්විභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව උතුරු නැගෙනහිර දෙපළාතෙහි කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනයක දී ය. එහි දී අප හඳුනාගත් ගැටලු මෙසේ ය:

1. ගොවීන්ට උරුම ව තිබූ වගා බිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් නිදහස් කර නොතිබීම.

2. අත හැර දමන ලද වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව

3. ගොවීන් වැඩි කැමැත්තක් දක්වන කාබනික ගොවිතැන සඳහා පොහොර නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයා ගැනීම.

4. වැන්දඹු ප්‍රශ්නය සහ පවුල් සිසීකඩ වීම නිසා කෘෂිකාර්මික ශ්‍රම හිඟය

5. දේශීය බීජ සපයා ගැනීමේ දුෂ්කරතාව

මේ සියලු ගැටලු මැද වුව ද කෘෂිකර්මයෙහි යෙදෙන ගොවියෝ පාරම්පරික ක්‍රම හැකි තාක් දුරට අනුගමනය කිරීමට උත්සාහ දරති. කට්ටකුලම්හි පදිංචි ගොවියකු වන ජෙගදීස්වරන් රටකජු, මෑ, වගාව සාර්ථක ව කරගෙන යයි. ක්‍රමානුකූල එළවළු වගාවක් ඔහු සතු ය.

“දැන් තියන තත්ත්වය අනුව මුළුමනින් ම කාබනික ක්‍රමයට ගොවිතැන් කරන්න අමාරුයි. ඒ නිසා කෘෂි රසායන සහ කාබනික පොහොරත්, ශාකසාරත් පනහට පනහ යොදනවා නැත්නම් අස්වැන්න අඩුයි. ලාබයක් නෑ.” ජෙගදීස්වරන් පවසයි.

යාපනය නගරයේ පොදු වෙළෙඳපොළ සහ නගරාසන්න කඩමණ්ඩිවල දැකිය හැකි විශේෂත්වයක් වන්නේ එළවළු සහ ධාන්‍යවලට අතිරේක ව ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලද දේශීය බීජ වර්ග ද අලෙවියට තැබීම ය. මෙය දකුණේ නොදැකිය හැකි තත්ත්වයකි. විශේෂයෙන්ම මෑ, මුං ඇට, බණ්ඩක්කා, පැපොල් යනාදී බීජ වර්ග රැසක් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරේ.

එහෙත් මහා පරිමාණයෙන් වගා කෙරෙන දඹුල්ල වැනි ප්‍රදේශවල ගොවීන් බීජ මිලදී ගන්නේ වෙළෙඳ පොළෙනි. එනම් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද බීජයි. එම බීජවලින් හට ගන්නා ශාකවල අස්වැන්නෙන් බිත්තර බීජ නිෂ්පාදනය කළ නොහැක. ඊට හේතුව ඒවා වඳ බීජ වීම ය. මේ නිසා කන්නයක් පාසා අධික මිලට බීජ වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට සිදු වේ. උතුරේ පවතින්නේ ඊට තරමක් වෙනස් තත්ත්වයකි.

පසෙහි සාරවත් බව රැක ගැනීම සඳහා සැලකිල්ලෙන් කටයුතු කිරීම ඔවුන්ගේ විශේෂත්වයකි. යුද්ධයෙන් පසු ව උතුරේ සංචාරය සඳහා යන දකුණේ පිරිස් මඟ දෙපස දමා එන පොලිතින් සහ ප්ලාස්ටික් උතුරේ වැසියන්ට හිසරදයක් වී ඇති බව පෙනේ.

ඒවා ඒකරාශි කිරීම සඳහා බඳුන් තබා ඇති ආකාරය කීරමලේ, කන්කසන්තුරේ ප්‍රදේශවලදී නිරීක්ෂණය කළ හැක. එහි දී හමු වූ සේල්වකුමාර් බිම්බෝම්බයක් නිසා පාද ආබාධයක් ඇති වූ අයෙකි. ඔහු වරක් ආචාර්ය අජන්තා පෙරේරා විසින් මෙහෙයවන ලද වැඩමුළුවකට සහභාගි වී තිබේ.

සටන් විරාම කාලයෙහි එල්ටීටීඊ සංවිධානයේ ඇරියුමකට අනුව ආචාර්ය අජන්තා පෙරේරා පොලිතීන් භාවිතය පිළිබඳ මෙකී වැඩමුළු පවත්වා ඇත.

“අපි කොහොමත් පොලිතින් පාවිච්චි කරන්නෙ අඩුවෙන්. ඒ වගේම රොඩු ගිනි තියන්නෙ නෑ. පුංචි කාලෙ රොඩු ගොඩකට ගිනි තියලා අප්පාගෙන් ගුටි කෑවා. ගෙවත්තෙ අල පැළවල මුලට රොඩු අතුගාල එකතු කරන්න අපට පුරුදු කළා. ඒ ගැන අපි වැඩමුළුවේදී කතා කළා. ආචාර්ය අජන්තා පෙරේරා අපට කිව් දේ තමයි දකුණේ කරපු වැඩ සටහන්වලට වඩා ප්‍රතිඵලයක් උතුරේ තියනව ය කියන එක.” සෙල්වකුමාර් පවසයි.

ඉතා තද වියළි කාලගුණයක් පැවතුණ ද සෙල්වකුමාර්ගේ කුඩා ඉඩම සිසිලසකින් යුක්තය. දිරා යන රොඩු පසෙහි මතුපිට තට්ටුව අගනා වැස්මක් නිර්මාණය කර තිබේ. ගෙවත්තෙහි ඇත්තේ මිශ්‍ර වගාවකි. එළවළු, පලතුරු, ධාන්‍ය පැළ අතර වල් පැළ ද තිබේ. පස මුළුමනින්ම හිරු එළියට නිරාවරණය වීම පැළෑටි ස්ථර කිහිපයකින් වළක්වා ඇත. මේ නිසා වියළීම වළකී. පාංශු ඛාදනය සීමා වෙයි.

“හිතකර පැළ වගේ ම වල් පැළත් යම් ප්‍රමාණයකට තියෙන්න ඕනැ. වස විස නැති ව හානිකර ඇතැම් කෘමීන් කෘමීන්ගෙන් ම පාලනය වනවා. බැරි ම අවස්ථාවල කෙහොඹ තෙල්, දුම්කොළ මිශ්‍ර කරපු සබන් වතුර යොදනවා. ඒක ප්‍රමාණවත්” කිසිදු වග විභාගයකින් තොර ව අධික මිලක් වැයකර කරන්නන් වාලේ වගාවට විස වැසි වස්සන ගොවීන්ට සෙල්වකුමාර්ගේ වගා ක්‍රමය කදිම ආදර්ශයකි.

මිශ්‍ර ගොවිතැන උතුරට මෙන් ම දකුණට ද උරුම වූ පොදු සම්ප්‍රදායකි. එහෙත් 70 දශකයෙන් පසු ව මිශ්‍ර වගාව වෙනුවට එකල බෝග වගාව ව්‍යාප්ත කිරීමෙහි ප්‍රතිඵලය වූයේ පස සෝදා පාළුවට ලක්වීම ය. කෘමි උවදුර බහුල වීම ය. බාහිර යෙදවුම් වැඩිපුර අවශ්‍ය වීම ය. ඔයින් මෙයින් ගොවිතැන අධික පිරිවැයක් දරන කටයුත්තක් බවට පත් විය.

දකුණේ ගොවියා මහා පරිමාණයෙන් කෘෂි රසායන භාවිතයට තල්ලු වී ණය බරින් පෙළෙද්දී උතුරේ ගොවියා පාරම්පරික ගොවිතැන මුළුමනින් ම අත් නොහැර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එහෙත් යුද්ධය නිසා සියල්ල උඩු යටිකුරු විය. අඳුරු දසාවකින් පසුව ජන ජීවිතය සෙමෙන් පණ ගැසෙමින් පවතී. එහෙයින් ගොවිතැන සඳහා ඔවුන්ට අවශ්‍ය ඉඩම් ලබා දීම මෙන් ම යටිතල පහසුකම් නැංවීම ද කාලීන අවශ්‍යතාවකි.

තිඹිරියාගම බණ්ඩාර
thimbiri@gmail.com 


කඩඉම 

රට වෙනුවෙන් මහ සටනක්

‍‘ලොව පෙරැළෙයි - ලෙවි පෙරැළෙයි’ යනු පෙර කිවියෙක් කීය. ලෝකයක් ලෝකයාත් නිරතුරු වැ පෙ‍රැළෙති යි - වෙනස් වෙතියි - ඉන් කියැවේ. ලෝකය නම් පෙරැළෙන සැටි කවුරුත් දනිති. ලෝකයන්ගේ පෙරැළිය වනුයේ වඩා සියුම් ලෙසිනි. ඇතැම් විට ඔවුහු පෙනෙන්නට ම පෙරැළෙති. ඇතැම් විට කිසිවකුට නොපෙනෙන්නට, නොදැනෙන්නට ද පෙරැළෙති‍. අපි දු ලෝකයෝ වමු. එ හෙයින් අපි දු පෙරැළෙමු. අපට පෙර අපේ සිතිවිලි පෙරැළෙයි. ඇතැම් සිතිවිලි බලයෙන් හෝ පෙරළවා ගන්නටත් සිදු විය හැකි ය.

අපේ වෙදුන් ගැන ද අප සිතිවිලි වෙනස් විය යුතු ය. වෙනස් නොවුණ හොත් බලයෙන් හෝ වෙනස් කැර ගැනීමට දැන් කල් එළැඹ සිටින්නේ වෙයි. මෙහි වෙදුන් නමින් ගැහෙන්නෝ වනාහි පත අට එකට සිඳුවා බොන්නට දෙන. කට කාරවන අරිෂ්ට, ක්වාථ බොන්නට, ගුළි කල්ක ගිලින්නට දෙන, බුලත් අතට තබාදෙන කීයක් හෝ ගෙන නිකම් කරබා හිඳුනා වෙද්දු නො වෙති. එසේ නම් කවුරු ද? හොඳට කලිසම් හැඳ, තබා කරපටි පැලැඳ වෙද නළාවකුදු අතෙහි කරකවමින්, ඉංගිරිසියෙන් බෙණෙමින් උදාර ලීලාවෙන් සිටුනා රට වෙද්දු ය. පැහැදිලි වැ කිවහොත් දොස්තර මහත්වරු ය. රජයෙන් ලබන මහත් වැටුපින් හා අර නිකම් සිටුනා වේලාවට ලෙඩුන් බලා ලෙඩුන් කැමැත්තෙන් ම දෙන සුළු මුදලෙකින් හා ඔවුන් මඳක් තර වන බව ඇත්තක් වුව ද දොස් තර නොකරන හෙයින් ද, ලෙඩුන් ගේ දොස් තොර කරන හෙයින් ද ඔවුනට වඩා ගැළැපෙනුයේ ‘දොස්තර’ නො ව ‘දොස්තොර’ යනු මැ යැයි ඇතැම් හු කියති. ලෙඩුන් ගේ දොස් බැරි නම් දිවිදු තොර වුණා‍ වෙ අපට කම් කිම? අපි ‘වහරනුසෙරෙන් සපයමින්’ දොස්තර යැයි ම කියමු.

ජීවක පරපුරින් - නැත, නැත, හිපොක්‍රටීස් පරපුරින් - පැවැත එන මේ සද්ගුණවත් දොස්තර මහත්වරුනට අපි නොයෙක් වර, දොස් නැඟුමු. රජයෙන් ඉතා මහත් වැටුපක් ලබනා අතරේ ම පෞද්ගලික වැ ලෙඩුන් බලමින්, ඔවුන් ගසා කා මහත් මුදලක් උපයති යි කියමින් දොස් නඟමු; ලෙඩුන් ගේ ජීවිත ගැන අල්පමාත්‍රයකුදු නො සලකා තම වුවමනා වෙනුවෙන් ම අයුක්තියේ වැඩ වරති යි දොස් නැඟූමු. තව ද නොයෙක් දේ කියමින් දොස් නැඟූමු. දැන් එ සියල්ල වැරැදි බව ද අප අතින් කැරුණේ වරදක් බව ද වැටැහේ. එ හෙයින් මේ දොස්තර හෝ දොස්තොර හෝ උතුමන් ගෙන් දෙ පා වැඳ තමාව යැදීමට අපි කුමට පසුබට වෙමු ද?

මේ දොස්තර උතුමන් ගේ ‍නිදොස් බව, නිවැරැදි බව ගුණවත් බව අපි නොදැනගතුමු ද? ‘සයිටමය’ නිසා දැන ගතුමු‍. එ නයින් ගත් කල්හි ‘සයිටමයෙනුදු’ රටට වැඩක් විණැයි නො බා කිව හැකි ය.

සයිටමය නිසා දැන් දොස්තර මහත්වරු දෙ පිලක් වැ සිටිති. ඒ ඔවුනට නිකම් ඉන්නම බැරි ගායකට නො වේ. රට වෙනුයෙන්, රටේ ජනතාව වන අප වෙනුයෙනි. මෙ රට සුවහසක් දුක් විඳුනා ලෙඩුන් වෙනුයෙනි.

සයිටමයට පක්ෂයෝ කුමක් සිතත් ද? මෙ රට ජනගහනයට සමපාත වැ වෛද්‍යවරයන් නැති වීමෙන් ලෙඩුනට වන මහත් වූ අභාග්‍යය ගැන ‍ඔවුහු සිතති. වෙද හිඟයෙන් ලෙඩ්ඩු නොකල්හි මියයති. මෙසේ මියෙන්නෝ නැති බැරි අසරණ ජනයායි. ධනවත්හු මෙරට මඳ නම් පිටරට ගොස් හෝ ලෙඩට පිළියම් ලබා සුවසේ වැජැඹෙති. රෑ දෙ වරු ජන සුවසෙත ම පතනා දොස්තර උතුමන් ගේ කරුණාන්විත හෘදයයට මේ අයුක්තිය ‍ඉවැසුම් නො දේ. එ මතු ද? ස්වදේශාලයෙන් ඔද වැඩුණු ඔවුනට තව ද කරුණක් පෙනේ. වෛද්‍ය උපාධි ලබනව යැයි විදේශ ගත වැ ඇතැම් හු මහත් ධනයක් මෙ රටින් එ රටවලට ගෙන යෙති. එයින් මෙ රටට වන ධන හානිය ගැන සිතන කල්හි යට කී දොස්තර හදවත් කම්පා වැ යෙති. සයිටමයක් බැරි නම් කවර හෝ ‘අයිටමයක්’ අටවා ලෙඩුන් වෙත් ම මෙරට ධනයන් රැක ගන්නට වෙඩි පහරට පවා ලක් වැ දිවිදු නො තකා මෙ තරම් මහත් සටනක් ඔවුන් කරනුයේ පරම පවිත්‍ර චේතනායෙන් ම ය. දොස්තර කමින් බැබැළෙන්නට, ලෙඩුන් ගසා කා මුදල් සොයන්නට ඔවුන් ගේ ලේශ මාත්‍ර අධ්‍යාසයෙකුදු නැත්තේ ය. එහෙයින් ඊනියා ‘අධ්‍යාපන ‍සුදුසුකම්’ ආදිය ගැන නො සිතා මෙ රට කුදු මහත් ජනතාව විසින් මේ කරුණාන්විත දේශ මාමකයන් ගේ සවනට චිත්ත ප්‍රීතීන් යුක්ත වැ සියලු රුකුල් දිය යුතු ය.

අනෙක් අතට මේ සයිටමයට විරුද්ධ වන්නෝ කුමක් සිතත් ද? ඔවුහු ද මෙ රට රෝගීන් ගේ ශුභ සිද්ධිය ම උදය සවස පතන්නෝ ය. එයට අංශු මාත්‍රයෙකින් හෝ හානියක් වුවහොත් ඔවුහු යක්ෂාවේශ වැ, කවර බලවේගයකට වුව ද එරෙහි වැ නො බා සටනට පිවිසෙති. දැන් සුදුසුකම් නැත්තෝ වෛද්‍ය උපාධි ලබාගෙන වෙදකමට බට හොත් අසරණ ‍‍‍රෝගීනට යන කල කිමෙක්ද? එක් රෝගියකු ගේ ‍රෝම කූපයකට දු හානියක් වුවහොත් කො තරම් මහත් අපරාධයක් ද? ඒ වහා වැළැක්විය යුතු ය. රජයේ දොස්තර මහත්වරුන් තම හිමිකම්, අයිතිකම් දිනාගන්නට, තම දරුවනට සුදුසු පාසලක් ලබාගන්නට හෝ කිසි දිනෙක රෝගීන් ගේ ජීවිත පරදුවට තබා සටනට නොඑන, පෞද්ගලික වෛද්‍ය කර්මයෙහි යෙදී රෝගීන් රවටා මුදල් ගසා කන්නට සිහිනෙනුදු නොසිතා මේ හෘදයානුකම්පත, අත්‍යුදාර වෛද‍්‍ය වීරයන් - දැන් සයිටමයට එරෙහි සටනට වීදි බැස සිටිනුයේ එ හෙයිනි. ඒ විනා තම තත්ත්වය රැක ගැන්මේ හීන චේතනාවෙන් නම් නො‍ වේ ම ය. මේ දෙ පිරිස ම අප වෙනුයෙන් සටන් වදිති. අපි කුමක් කෙරෙමු ද?

- හිතමිතුරා 

Comments