
බ්‍රිතාන්‍ය ජාතිකයෝ 1824 වර්ෂයේ ප්‍රථම තේ පැළය චීනයේ සිට මෙරටට ගෙන්වා එය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළහ. කර්මාන්තයක් ලෙස තේ වගාව ප්‍රථම වතාවට ආරම්භ කරනු ලැබුවේ 1867 වර්ෂයේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසිනි. වගා කටයුතු මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මහනුවර ලූල්කඳුර වතු යායේ අක්කර 19ක භූමි ප්‍රදේශයකය. තේ ශාකය බහු වාර්ගික ශාකයක් වන අතර උද්භිද විද්‍යාත්මක නාමය “කැමිලියා සිනෙත්සිස්”ය.
ශ්‍රී ලාංකික තේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කෙරේ. උඩරට තේ - මුහුදු මට්ටමේ සිට අඩි 4000ට වඩා උසින් වගා කරන තේ. මැද රට තේ - අඩි 2000ත් 4000ත් අතර සහ පහතරට තේ අඩි 2000ට වඩා අඩු වශයෙනි.
ශ්‍රී ලංකාවෙන් අපනයන කරන ලද ප්‍රථම තේ තොගය 1873 වර්ෂයේදී ලන්ඩන් නුවර තේ වෙන්දේසියකදී අලෙවි කෙරිණි. තේ ඉතා ගුණදායි සහ ඖෂධීය ගුණයකින් යුක්ත වන අතර බොහෝ පිරිස් එය රසවත් පානයක් ලෙස දෛනිකව ලබා ගනිති. අපනයන ආදායම අතින් අද පවා ප්‍රධාන භෝගයක් ලෙස තේ ඉදිරියෙන් ඇත. අදත් සිලෝන් ටී (Ceylon Tea) ලොව අංක 01 ලෙස හොඳ තරගයක් ලබා දේ.