
විටෙක නෙත් යුග තෙමයි
හඬන සිත් සනසවයි...
ඔබ ලියන පුස්තකය
ලෝ දනගෙ ජීවිතය
යහපතින් දිදුලවයි...
කාලයෙන් බිඳක්වත්
නිකරුණේ නොගෙවන්න
දිවා රෑ මුළුල්ලේ
විමසනවා ඔබේ නෙත...
ඔබේ ඔය හදවතින්
තව හදක් සනහන්න...
ඔබේ අදහස්වලින්
සැවොම සුමගට ගන්න...
ඔබේ ඔය පන්හිඳෙන්
රටක් සනහාලන්න...
ඒ.එච්. බුද්ධිකා සංජීවනී
11 ශ්‍රේණිය ‘බී’,
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,
හැදුණුවැව.