
සබරගමු පළාත් පාසල් කබඩි අවසන් මහා තරගාවලිය පසුගියදා මාවනැල්ල රිවිසඳ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී අවසන් වටයට තේරුණු රිවිසඳ මහා විද්‍යාලයීය කණ්ඩායම පරදවා සබරගමු පාසල් කබඩි ශූරතාව දිනා ගැනීමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ලකුණු 39 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ ශාන්ත මරියා කණ්ඩායම පසුගිය වසරේද සබරගමු පළාත් පාසල් කබඩි ශූරතාව දිනා ගත්තේය.
ජයග්‍රාහක ශාන්ත මරියා කණ්ඩායම සේයාරුවේ දැක්වේ.
පසු පෙළ වමේ සිට කරුණාතිලක, හිමහංස, රන්දු, මධුසංක, පුහුණුකරු එස්. එම්. ටී. සමරකෝන්, ජයවික්‍රම, මුතුගල, සේනානායක, සේනාධීර. ඉදිරි පෙළ වමේ සිට මධුසංක, රත්නසිරි, විජේරත්න, විජේසිංහ.