අපේ වෙසක් කූඩු | සිළුමිණ

අපේ වෙසක් කූඩු

ජය ශ්‍රී මහා බෝධියෙ අංකුරය මතුවුණා

ඡන්න ඇමති, කන්ථක අසු එකට ඉපදුණා

යසෝදරා දේවිය එමදා ලොව දුටුවා

මේ සියල්ල වෙසක් පොහොය දිනයේ සිදුවුණා

සුද්ධෝදන රජුට දාව කුමරු ඉපදුණා

සිරි මා බෝ වහන්සෙ මුල කුමරු බුදුවුණා

උපවත්තන සල් උයනෙදි පිරිනිවී ගියා

වෙසක් පොහොය දිනයේ මේ සැවොම සිදුවුණා

බට පඳුරේ බට දඬු ටික කපල ගන්නවා

අපෙ අම්මා බට දඬු ගෙන එකට බඳිනවා

පුංචි නංගි පාප්ප ගා කොළ අලවනවා

හරි ලස්සන පුංචි වෙසක් කූඩු හැදෙනවා

මෙත්මි පූර්ණිමා සෙව්වන්දි රත්නායක

7 ශ්‍රේණිය ‘ඒ’,

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය,

ඉබ්බාගමුව.

 

Comments