සැල­කිල්ල | සිළුමිණ

සැල­කිල්ල

 කිරිහාමි කියලා ගොවියෙකුට කච්චේරියට බදු මුදලක් ගෙවන්න කියලා ලියුමක් ආවා. කිරිහාමිත් බොහොම අමාරුවෙන් සල්ලි ටික හොයා ගත්තා. කච්චේරියට ගියා‍. ඒ කාලේ ඉංග්‍රීසි ඒජන්තවරු තමයි කච්චේරිවල උන්නේ. එතන වැඩ කරපු ලියන ‍මහත්තයලා පියන් මහත්තයලා දැන් වගේ ම හරි අනුහස් තිබුණු උදවිය. කිරිහාමිට කච්චේරිය ඇතුළට යන්න ලැබුණේ පියන් මහත්තයට ශත පනහක් දුන්නට පස්සෙ. ෆෝම් එක පුරවගන්න ලියන මහත්තයට රුපියල් දෙකක් දෙන්න වුණා. හරිම අනුහස් මේ දෙන්නම. කිරිහාමි හිතුවා‍.

දැන් අතේ තියෙන්නෙ රුපියල් පහයි. ඒත් රු. 7.50 ක් ගෙවන්න ඕන. කිරිහාමි අධෛර්ය්‍ය වුණේ නෑ. ටික වෙලාවක් කල්පනා කළා. සත්‍යය ජය ගන්නවා ය. කිරිහාමිගෙ හිත කිව්වා. හෙමින් සැරේ ම ඒජන්ත හාමුදුරුවන්ගෙ කාමරේට ගියා.

තමන‍්ගෙ මේ නඩුව කිව්වා. ඒජන්තතුමා වහාම ලියන මහත්තයයි, පියනුයි ගෙන්වලා නඩුව අහලා ගත්තු සල්ලි ආපහු කිරිහාමිට දුන්නා. ඊට පස්සෙ කිරිහාමි ගමේ ප්‍රසිද්ධ වුණේ වීරයෙක් හැටියට. කිරිහාමි ඒජන්ත හාමුදුරුවොත් අඳුනනවා කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඒ වගේ ම කවුරුත් කිරිහාමිට ඉස්සරට වඩා ටිකක් වැඩිපුර සැලකුවා. ගෞරව කළා.

මේක අපේ ජනකතාවක්.

Comments