
මම අන්ධ ළමයෙක්මි. මගේ ශෝකය වැඩි වූයේ මාගේ මවුපියන් මා සුගත සේවා ළමා නිවාසයට බාර දී ඇති බව දැනගැනීමෙනි. මගේ අම්මා මා ළමා නිවාසයට බාර දෙද්දී මා බහ තෝරන වියේවත් නොසිටියේයැයි මම අසා ඇත්තෙමි. මේ ලොවේ කිසිවක් දැකගැනීමට අසමත් වූ අසරණ මට මගේ අම්මා හා තාත්තාද අහිමි වී ඇත්තේ මගේ අන්ධභාවය නිසා යැයි මට සිතේ.
මෙම ළමා නිවාසයට ආහාර රැගෙන එන අයගේ කතාබහෙන් මට හැඟී යන්නේ වැඩි දෙනකුගේ අවධානය මවෙත යොමුව ඇති බවයි. ඔවුන්ගේ කාරුණික වදන් මගේ සිත සතුටින් පුරවයි. ඔවුන් මට කතා කරද්දී ඔවුන් හා සිනාසීම මගේ පුරුද්දකි. මගේ අම්මාගේ වදන් ඇසීමට ආශා වුවත් මට ඒ වාසනාව නැත්තේය. අම්මාගෙන් බත් කටක් හෝ කා නැති මා ජීවත්වන්නේ කාරුණික හදවත් ඇති අයගේ උපකාරයෙනි. මට සියලු දේට උපකාර කරන යහළුවන් ළමා නිවාසයේ සිටියත් මගේ අම්මා හා තාත්තා නැති අඩුව මට තදින් දැනේ. ඔවුන් මතක් වෙද්දී මගේ දෑසින් කඳුළු රූරා වැටෙයි. එය දකින ඇතැම් යහළුවෝ හා පාලිකාව මට සැනසිලි බස් පවසා මගේ ඉකි බිඳීම නවත්වති.
මා ඉගෙනගන්නේ බ්‍රේල් ක්‍රමේටය. මට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, පොත්පත් ආදි සියල්ලම ළමා නිවාසයේ පාලිකාව විසින් මට දෙනු ලැබේ. මගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ අන්ධභාවය ගැන නොතකා හොඳින් ඉගෙන ගැනීමය.
ප්‍රවීනා ගුවනි හිමාෂා කහඳගේ
8 ශ්‍රේණිය ‘ඩී’,
මහාමායා බාලිකා විද්‍යාලය,
මහනුවර