පරි­ස­රය ලස්ස­නයි | සිළුමිණ

පරි­ස­රය ලස්ස­නයි

හිරු කුමරා මීන රාශියෙන් මේෂ රාශියට එබී බලද්දී සිංහල - දෙමළ අලුත් අවුරුද්ද උදා වේ. කොහාගේ කොහෝ නාදයත් එරබදු ගස්වල මල් කුමරියන්ගේ සුන්දරත්වයත් අලුත් අවුරුද්ද ලොවට කියාපායි. මෙකලට ගහ, කොළ, සතා සිව්පා සියල්ලන්ටම අලුත් පණක්, නැවුම් බවක් දක්නට හැකිය. කජු ගස්වල රතට රතේ කජු පුහුලම දැකිය හැක්කේ කජු ගසට දැමූ බල්බ් වැල් මෙනි.

අප්‍රේල් මාසය උදාවත් සමඟම සෑම නිවෙසක්ම හිරු කුමරා පිළිගන්නට ලකලෑස්ති වෙයි. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කොට අනවශ්‍ය දෑ ඉවත් කොට දොර රෙදි තිර රෙදි සෝදා අවුරුදු කුමරා පිළිගන්නට සූදානම් වේ. බොහෝ නිවෙස්වල කහපාටට බැබළෙන කෙසෙල් කැනක් කුස්සිය මුල්ලේ දැකිය හැකි ය. ආච්චි අම්මලාටත් මේ කාලයේදී තම දක්ෂතා දැක්විය හැකි ය. එක් අතකින් තෙල් හැන්දත්, අනෙක් අතින් කූරක් අරගෙන තෙල් තාච්චියේ ඇති කැවුමට කොණ්ඩයක් එකතු කරමින් කොණ්ඩා කැවුම්, නටවන්නේ පුංචි ළ‍මා පැටික්කියන් විශ්මයට පත් කරමිනි.

අවුරුදු කෑම අහල පහල නිවෙස්වලට බෙදා දී නෑදෑ නිවෙස්වලට ගොස් ඉතාමත් සතුටින්, වැඩිහිටියන්ට බුලත් දී ආශිර්වාද ලබන්නේ අවුරුද්දේ අගය කියාපාමිනි. මේ අනුව අලුත් අවුරුද්ද ලක්වැසි සෑම අයෙකුටම ඉතා වැදගත් උත්සවයකි.

Comments