අවුරුදු එනවා - අවුරුදු එනවා | සිළුමිණ

අවුරුදු එනවා - අවුරුදු එනවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සංස්කෘතික උත්සවයකි. ගස්වැල් නැවුම්ව වැඩී ඇත්තේ ය. වැට අයිනේ ඇති එරබදු ගසේ මල් පිපී රතු රෙද්දක් එළුවාක් මෙන් දිස් වෙයි. අප්‍රේල් මාසයේ මැද සිට නිවෙස්වල හැදෙන රස කැවිලිවල සුවඳ ගම පුරා පැතිරෙයි. අම්මා සාදන රස කැවිලි කෑමට අපි මග බලා සිටින්නෙමු‍. නිවෙස්වල වැඩිහිටියෝ අලුත් ඇඳුම් සහ තෑගි බෝග ගෙන ඒමට ලහි ලහියේ සූදානම් වෙති. දෙමාපියෝ නිවෙස් අලුත්වැඩියා කරති.

අවුරුද්දට පෙර දිනය පරණ අවුරුද්ද ලෙස නම් කර තිබේ. අවුරුදු කෑම මේසය සූදානම් කරන තුරු අපි කවුරුත් මඟ බලා සිටින්නෙමු‍. පන්සල් යෑම, වැඩ ඇල්ලීම, කිරි ඉතිරවීම, ආහාර අනුභවය වැනි චාරිත්‍ර සුබ වේලාවන්වලට යෙදී ඇත. අවුරුදු දිනට පසු වැඩිහිටියෙක් හිස තෙල් ගෑම සිදු කරයි. පංච දැමීම, දාම් ඇදීම, ඔළිඳ කෙළිය වැනි ක්‍රීඩා කිරීමට අපි මඟ බලා සිටින්නෙමු. පාට පාට විදුලි බුබුළු මෙන් දිස්වන අඹ, රඹුටන්, කජු වැනි පලතුරු කෑමට අපි කැමැත්තෙමු. අවුරුදු කුමරා එනතුරු පුංචි ළමයි මඟ බලා සිටිති. අපට අවුරුදු සමය සුවිශේෂ කාලයකි.

 

Comments