
ලස්සනම රාත්‍රියක්. ඒත් කවුළුව ඇරලා බලන්න චුට්ටක් කම්මැළි හිතුණු නිසා ඔහේ කැරකි කැරකි හිටියා, ඒත් තව විනාඩි ගණනාවකින් මම හිටියේ කළුවර නැතත්, රෑ වුණු අපේ ගෙදර මිදුලේ...
රාත්‍රිය කොහොමත් ශාන්තයි. අලස, කම්මැළි ගතියකුත් තිබුණා. අපේ පූසා මූණ හෝදන්නත් පටන් අරන්. මං වල්ගා තරුවක් හෙව්වා, ඒත් නෑ. චූටි චූටි තරු දාස් ගානක් ඇරෙන්න මට එහෙම විශේෂ තරුවක් පෙනුණේ නෑ. හඳ නෑ. අද අමාවක දවසක් වෙන්න ඇති.
ගෙම්බන් ද නිමක් නැතුවම කෑ ගහනවා. ඒ හඬ ලස්සනයි. ඒත් ටිකක් එපාත් වෙන්වා.
“චූටි දූ... මෙන්න කතාව පටන්ගන්නවා ඉක්මනට එන්න” මට ටිකක් දුක හිතුණා. පස්සෙ මං ගෙට දිව්වා.
ඩබ්ලිව්. තක්ෂිලා මධුනාෂිණි ජනකාන්ත
11 ශ්‍රේණිය ‘බී’,
ධර්මාලෝක නවෝද්‍යා පාසල,
රත්නපුරය