
පසුගිය නිවාඩුවේදී අපි ගුවන් යානයෙන් රත්මලාන බලා පිටත්වීමු. සවස 3.30 ට පමණ අම්මා, තාත්තා, නංගී හා මම අම්පාර ගුවන් තොටුපොළට පැමිණි අතර රත්මලාන බලා යන ගුවන් යානයට ගොඩ වීමු. මම වහා දුව ගොස් ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක වාඩි වුණෙමි. ඉන් පසු අප රැගත් ගුවන් යානය ඉහළ අහසට පියාසර කළේය. ඉතා අලංකාර වලාකුළු අතරින් ගුවන් යානය ගමන් කරන විට මට ඇති වූයේ ඉමහත් සතුටකි. ගුවනේ සිට පහළ බැලු විට නිවාස හා වාහන පෙනුණේ කුඩා ගිනිපෙට්ටි මෙනි. සවස 4.30 පමණ වන විට ගුවන් යානය රත්මලානට පැමිණි පසු අපි ගුවන් යානයෙන් බැස්සෙමු. මගේ මුල් ම ගුවන් ගමන මට කිසිදා අමතක නොවේ.
ඒ. එච්. බිනර ප්‍රභාෂණ ගුණවර්ධන
4 ශ්‍රේණිය ‘ඒ’,
සද්ධාතිස්ස ම. වි., අම්පාර