මම පුංචි කුරුලු පැටි­යෙක්මි | සිළුමිණ

මම පුංචි කුරුලු පැටි­යෙක්මි

මම පුංචි මාල ගිරවු පැටියෙක්. මම කොළ පාටයි. අපිට මාල ගිරවා කියන්නේ අපගේ බෙල්ලේ රතු පාට මාලයක් ලෙස සෑදී තිබෙන නිසයි. පුංචි ළමයි අපිට ගොඩාක් කැමැතියි. මගේ අම්මා සහ තාත්තා මට සෑම දිනකම හිමිදිරි උදෑසනේ කෑම සොයාගෙන එති. ඔවුහු මා ආස කරන ගොඩාක් කෑම වර්ග මට ගෙනත් දෙති. එනම් අඹ, ජම්බු, ලොවි, පේර ආදි පලතුරුය. අපගේ පවුලේ නැදෑයෝ මාව බලන්න සෑම දිනකම එති. අපගේ කූඩුව සාදා තිබෙන්නේ කෝටු කෑලි, පොල්ලෙලි, පුලුන් යන ආදි ද්‍රව්‍යවලින්ය. එය සාදා තිබෙන්නේ පලතුරු ගසකය. එය පලතුරු ගසක් නිසා මගේ මව සහ පියා කෑම සොයා ගැනීමට දුර නොයති. ඒ ගසේ පලතුරු අපගේ කූඩුවට සමහර විට වැටෙයි. එවිට මම ඒවා රස කර කර කමි.

මගේ අම්මා සහ තාත්තා නිදාගන්නේ මා මැදිකරගෙනය. මම සෑම විටම අහස දිහා බලා සිටිමි. එවිට මට අහස් යාත්‍රා, රොකොට්ටු, ෙහලිකොප්ටර වැනි ගුවන් යානා පෙනෙයි. හවසට හිරු එළිය බැස යන විට මට හිරු අත වනනවා සේ ය. මේවා බලා සිටින මට මහත් සතුටක් දැනෙයි. මම සිටින්නේ කැලෑබද ප්‍රදේශයකය. එම නිසා මුළු පළාතම නිශ්ශබ්දයි. හවසට අපගේ කූඩුව සාදා ඇති ගස යට ළමයි පාඩම් කරති. ඒවා මමත් අසාගෙන සිටිමි. ඔවුහු මගේ පාළුව මකති.

මිනිස්සු අපගේ වනයට ඇවිත් ගස් කපාගෙන යති. එවිට මා වැනි පුංචි කුරුලු පැටවු කූඩුවෙන් වැටී තුවාල ලබති. කුරුලු මාමලා නැන්දලා අහසේ පියාඹති. ඒවා දෙස බලා සිටින මම ද ලොකු වී පියෑඹීමට බලාපොරොත්තු වෙමි.

Comments