ගමට ඉර පායලා | සිළුමිණ

ගමට ඉර පායලා

ඉර මාමා කන්ද උඩින් එබී බලනවා
ගස් අතරින් කෙමෙන් කෙමෙන් එළිය බෙදනවා
හරි ලස්සන මල් පිපිලා සුවඳ හමනවා
ඒ සුවඳට බඹරු ඇවිත් මල් පැණි බොනවා

මල් පැණි බී බඹරු රංචු ඉගිළී යනවා
ඒ අතරින් කුරුලු රංචු කෑම සොයනවා
ගොවි මාමල උදලු අරන් කුඹුරට යනවා
පුංචි ළමයි උදෑසනම පාසල් යනවා

සියලු සතුන් අවදි වෙලා වැඩෙහි යෙදෙන්නේ
මඳ සුළඟට ගස්වල අතු නටා ගයන්නේ
පරිසරයම වෙනස් වෙලා හරිම හැඩයිනේ
උදෑසනක අසිරිය දැන් පෙන්වා දෙන්නේ

අෂානි කෝෂිලා මුණසිංහ

7 ශ්‍රේණිය,

කනෝටුව කනිටු විදුහල,

නිකවැරටිය

Comments