
අපේ ගෙදර ඉන්නා සුරතල් හඳයා
දලු කොළ කා බඩ පුරවා ගෙන හඳයා
රස ගුණ පිරි කිරි ටික දෙනවා හඳයා
මගෙ මිතුරා සැමදා සුරතල් හඳයා
උම්බෑ කියමින් හඬ නඟනා හඳයා
වෙල් එළියේ දුව පැන නටනා හඳයා
පණ මෙන් රැක ගන්නෙමි මම මගෙ හඳයා
මගෙ මිතුරා සැමදා සුරතල් හඳයා
එම්.ඩී. කවිශ්කා නෙත්මිණි විජේරත්න, 5 ශ්‍රේණිය, පාලගම ක.වි., මකුල්පත.