අ‍පේ නුව­ර­එළි ගමන | සිළුමිණ

අ‍පේ නුව­ර­එළි ගමන

ජනවාරි 7 වන දින සෙනසුරාදා අපි ගුරුගෙදරින් චාරිකාවක් ගියෙමු. අපි එදින ගියේ නුවර එළියටයි. නුවර පාරේ යන අතරමගදී අප දුටු කැප්ටන් ඩෝසන් කුලුන, රම්බොඩ දිය ඇල්ල, බතලේගල කන්ද ආදී විශේෂ ස්ථානවල තොරතුරු අපි ගුරුතුමාගෙන් අසා දැන ගත්තෙමු. එම තොරතුරු ඇසූ මට සිතුණේ ඉංග්‍රීසීන් අපේ රට අලංකාර කිරීමට ද මහන්සි ගත් බවයි.

ටික වේලාවකින් අපි නුවරඑළියට ළඟා වීමු. එම නරගය සිසිලසෙන් පිරි නගරයකි. මම ඒ සීතලට දැඩි සේ ආශා කළෙමි. ඉන්පසු අපි ග්‍රෙගරි වැව නැරැඹීමට ගියෙමු. එය ඉතාමත් අලංකාර ස්ථානයක් විය. අපි බෝට්ටු සවාරියේ නොගියේ එය අනතුරුදායක විය හැකි නිසාය. එතැනින් පිටවූ අපි හග්ගල උද්භිද උද්‍යානයට ගියෙමු. එම උද්‍යානය විචිත්‍ර වර්ණවලින් යුත් මලින් පිරී තිබුණි. නගරයෙන් ඈත්ව මෙවැනි ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඇති ස්ථානවල සැමදාම සිටීමට ඇත්නම් කියා එවෙලේ මට සිතිණි.

රෑ බෝවෙන්නට ආසන්න වූ නිසා අපි ආපසු ගමන පිටත්වීමු. එහිදී අපිට රදැල්ල ශීඝ්‍ර බෑවුම ද දක්නට ලැබිණ.

ලක්ෂණ
10 ශ්‍රේණිය,
ගුරුගෙදර,
සපු­ග­ස්කන්ද.

Comments