
හෙළ වැසියා සොබාදහමත් සමඟ ගිය ගමනේ එක් ප්‍රතිඵලයක් වශයෙන් අපට හෙළ වෛද්‍ය ක්‍රමය බිහි විය. දේශීය වෛද්‍ය විද්‍යාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. අනුරපුර, පොලොන්නරු රාජධානියන්හි කළ කැණීම් හි බෙහෙත් ඔරු, මුට්ටි වැනි දේ සොයා ගෙන තිබේ.
බුද්ධදාස රජු අප හෙළ වෙදකමේ යෙදුණු වෛද්‍යවරයෙකි. එදා එතරම් සැලකිල්ලට ලක්වූ හෙළ වෙදකම අද කෙමෙන් පිරිහෙමින් පවතී. එදා පරම්පරාවෙන් පරම්පරාවට සුරැකි වෙදකමේ යෙදෙන්නන් අද අඩුය.
දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් ප්‍රතිකාර කරනුයේ රෝග ලක්ෂණයට නොව රෝග නිධානයටය. ගස්වල කොළ, පොතු, මල්, ඇට, මුල් යනාදියෙන් කරන ප්‍රතිකාරවලට වඩා තාවකාලික සුවය දෙන පෙතිවලට අද බොහෝ මිනිස්සු හුරුවී සිටිති. තරගකාරී සමාජ රටාවත් සමඟම කෂාය පානය, පත්තු බැඳීම, තෙල් සාත්තුව ආදිය කරදර වැඩ යැයි සමහරකුගේ මතය වේ. හෙළ වෙදකම ඉදිරියටත් පවත්වාගෙන යෑමට සියල්ලන්ගේ ම උපකාරය අවශ්‍යය.
නුවන් දුමිඳු රණසිංහ
10 ශ්‍රේණිය,
ශාන්ත මයිකල් විද්‍යාලය,
හෝමාගම.