පහනේ එළිය අයියා | සිළුමිණ

පහනේ එළිය අයියා

අත්වැල් බැඳන් කෙළි සෙල්ලම් එකට කෙරූ

අම්මා තාත්තා සමඟින් සතුට පිරූ

නිවහනේ ආලෝකය පැතිරු

අයියේ ඔබයි මගෙ ජීවිතෙ උදා හිරු

ඉස්සර කාලේ අපි වැලි බත් ඉව්වා

මට මතකයි අම්මා අපි දෙස බැලුවා

එදා වගේ හැමදාමත් සමගි වෙලා

ඉන්නයි ඕන අම්මා කියනවා ඇහුණා

අම්මා තමයි අපෙ ගෙදරට පහන කියා

තාත්තා තමයි ඒ පහනට තිරය කියා

අයියා තමයි ඒ පහනේ එළිය කියා

නිතර ම කියයි අත්තම්මා හිනාවෙලා

ඩී.ඒ. නිම්නා යලිනි දෙව්සහනි දලුගම

9 ශ්‍රේණිය,

මධ්‍ය මහා විද්‍යාලය,

බදුල්ල. 

Comments