
ගහකොළ නැතිව අපට ජීවත් වෙන්න කොහෙත් ම හැකියාවක් නැත. අපට ජීවත් වෙන්න ඔක්සිජන් සහ ආහාර වුවමනා වේ. අපට අවශ්‍ය මේ වර්ග දෙකම හදන්නේ ගස් කොළන්ය. කොළ පැහැ ගහකොළවලට හිරු එළිය වැටෙනවිට ඒ හිරු එළිය උපයෝගී කරගෙන පත්‍රවල ආහාර සාදයි. මේ ආහාර සෑදීමට තවත් අමුද්‍රව්‍ය දෙකක් වුවමනා වේ. එනම් ජලය හා කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකය. ආහාර සාදන මේ ක්‍රියාවලියට කියන්නේ ප්‍රභාසංස්ලේෂණයයි. ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ඔක්සිජන් වායු ගෝලයට එකතුවේ.
කොළවල සෑදෙන ආහාර ගසේ එක එක තැන්වල තැන්පත් වේ. උදාහරණ වශයෙන් මඤ්ඤොක්කා, බතල, බීට්, කැරට් වගේ ශාක ඒ වායේ මුල්වල ආහාර තැන්පත් කරන අතර අර්තාපල්, උක් වැනි ශාක ඒවායේ කඳන්වල ආහාර තැන්පත් කරයි. වී, මෑ, පරිප්පු වගේ ශාක ඒවායේ ඇටවල ආහාර තැන්පත් කරයි. දොඩම්, අඹ, රඹුටන්, අනෝදා වැනි ශාක ඒවායේ ගෙඩිවල ආහාර තැන්පත් කරයි. මේ අන්දමින් බලන විට ගස්වැල් මුළු ලෝකයට ම ආහාර නිපදවයි. ගස්වැල් නිපදවන මේ අල, ගෙඩි, කරල් සත්ත්වයෝ කෑමට ලබා ගනිති.
මස්, මාළු ආහාරයට ගෙන ජීවත් වෙතැයි පැවසුවත් අවසානයේ කෙළවර වෙන්නේ ගහකින් හෝ වැලකින්ය. ගැරඬියා ගෙම්බන් අල්ලාගෙන ගිලී. ගෙම්බා පළඟැටියා ගිලී. පළඟැටියා ශාක ආහාරයට ගනී. මේ අනුව බලනවිට සෑම ආහාර දාමයකම මුල ශාකයකි.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
4 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල, කොළඹ 08.