
නම ගම ආගම - ඉපදුණු දා සිට
වත ගොත ලියා ඇති ... හතරැස් කොළයක්
මටත් තිබෙනවා ගෙදරම තබා ඇති...
ඒ උප්පැන්න සහතිකේ...
මේ ගීතය පුංචි කාලේ අප නිතර අසා තිබේ. එහි කියැවෙන උප්පැන්න සහතිකය ගැන එදා අපි වැඩි අවධානයක් යොමු නොකළ නමුත් උප්පැන්න සහතිකය ලියකියවිලි අතර ඉතා වැදගත් කමක් ගනී. අප ඉපදුණු දිනයේ, අපි ගැන විස්තර ලියවුණු කොළයක් අපිට ලැබේ. එය උප්පැන්න සහතිකය ලෙස හඳුන්වයි. උපන් ස්ථානය, මවගේ නම, පියාගේ නම, සීයාගේ නම, ජාතිය, ආගම එහි සඳහන් වේ. මෙහි විස්තර ප්‍රමාණවත් නොවූ බැවින් 1975 දී එයට මුත්තාගේ හා මී මුත්තාගේ විස්තර පවා ඇතුළත් කරන ලදී.
මුල් කාලයේ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් නොතිබූ නමුත් ජනගහනය වැඩිවීමත් සමඟ යහපත් පාලන ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලන සමයේදී උපත්, මරණ හා විවාහ ලියාපදිංචි කිරීම සිදුකර ඇත. මුල් කාලයේ ලියාපදිංචි කර ඇත්තේ රටේ ප්‍රභූවරුන් පමණි. මෙය සිදු කළේ ලන්දේසි යුගවල ය. එම ලියාපදිංචිය සිදු කර ඇත්තේ දේවස්ථානවල ය. රට පුරා සියලුම ජනතාව ලියාපදිංචි කිරීම ඇරැඹුණේ 1967 අංක 18 දරන ආඥා පනත යටතේ ය.
උපතක් ලියාපදිංචි කිරීමේ වගකීම ඇත්තේ රෙජිස්ටාර් ජනරාල්ට ය. උප්පැන්න සහතිකය පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු සියල්ල අඩංගු වන බැවින් ජීවිතයේ විශේෂ අවස්ථාවලදී තම අනන්‍යතාව ඔප්පු කිරීමට උප්පැන්න සහතිකය උපකාරී වේ. ජාතික හැඳුනුම්පත සෑදීමේදී ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේදී, දරුවකු පාසලට ඇතුළත් කරගැනීමේදී තරග, විභාගවලට සහභාගි වීමේදී, රැකියාවකට යෑමේදී, විවාහයකදී උප්පැන්න සහතිකය අත්‍යවශ්‍ය ය.
උප්පැන්න සහතිකයේ ඇති තොරතුරු කිසිම ආකාරයකින්වත් වෙනස් කළ නොහැකිය. එය දඬුවම් ලැබිය යුතු වරදකි.
හංසාංගී දේශාත්‍රි සමරනායක
5 ශ්‍රේණිය,
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය,
මුල්ලේරියාව.