
ක්‍රමානුකූලව ජීව වායුව නිපදවා ගැනීම මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ චීනය හා ඉන්දියාවයි. ශ්‍රී ලංකාව ජීව වායුව ලබා ගැනීමේ ක්‍රමය හඳුනා ගන්නේ 1970 වර්ෂයේදීය.
ක්ෂුද්‍ර ජීවින් සහිත කාබනික ද්‍රව්‍ය ඇති ස්ථානයක් වායු නොමැති තත්ත්වයට පත් වූ විට ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය හේතුවෙන් එම ස්ථානයේ ජීව වායුව නිපදවේ. මෙය වායු මිශ්‍රණයකි. මෙම මිශ්‍රණයේ මීතේන් නමැති දහන පෝෂක වායුව බහුලව අඩංගු වන නිසා එය ඉන්ධනයක් ලෙස ද භාවිත කළ හැකිය. ජීව වායුවේ සංයුතිය වන්නේ, මීතේන්, කාබන්ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ජල වාෂ්ප හා වෙනත් වායු වර්ගය.
ශ්‍රී ලංකාවේ ජාතික ඉංජිනේරු හා පර්යේෂණ ආයතනය විසින් නව ජීව වායු ජනකයක් හඳුන්වා දී ඇත. ලංකා ජීව වායු ජනකයේ ජීර්කය නිමවා ඇත්තේ සිමෙන්ති හා ගඩොළිනි. ජීව වායුව රැස්කර ගැනීමට අවශ්‍ය වායු ධාරකය ගැලුම් 45 බැරලයක් භාවිත කර ඉතා අඩු මුදලකට සාදා ගත හැකිය. වායු නළවලින් ජීරකය හා වායු ධාරකය එකිනෙකට සම්බන්ධ කෙරේ.
මේ ජීව වායු ජනකවලට දිනපතා අමුද්‍රව්‍ය ඇතුළු කිරීම අවශ්‍ය නොවේ. ජලජ පැළෑටි වර්ග, තෘණ වර්ග, නිෙවසින් හෝ වෙළෙඳපොළින් ඉවතලන කාබනික අපද්‍රව්‍ය ගව හෝ ඌරු මල මූත්‍ර ඇතුළු කළ හැකිය. මිනිස් මලමූත්‍ර ද මෙයට එකතු කළ හැකිය.
ප්‍රමාණවත් පරිදි එක් වරක් අමුද්‍රව්‍ය පිරවූ පසු මාස 5 - 6 ක් පමණ කාලයක් ජීව වායුව ලබාගත හැක. අමුද්‍රව්‍ය ජීරණය වූ පසු නයිට්‍රජන් බහුල කාබනික පොහොරකි. මෙම පොහොර භාවිතයෙන් වස විසවලින් තොර බෝග ලබාගත හැකිය.
එම්. ටී. හිරුදිනී කුමාරි විජේතිලක
11 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, තෝලංගමුව