රාජ්‍ය සාහිත්‍ය දේශනය 17 දා | Page 12 | සිළුමිණ

රාජ්‍ය සාහිත්‍ය දේශනය 17 දා

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය දේශනය අගෝස්තු 17 දා ප.ව. 2.00ට කොළඹ -7, නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ සාහිත්‍යරත්න සම්මානලාභී ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ විසිනි. දෙමළ සහ සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ තේමා තුලනාත්මක කියවීමක් යන මැයෙන් පැවැත්වෙන මේ දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා හා ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසින් පවත්වනු ලබයි. මෙය සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව විසිනි.

Comments