මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක් | සිළුමිණ

මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු නියාමනය සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව උපරිම උකස් පොලිය වාර්ෂිකව 18% වන අතර බැංකු අයිරා සඳහා උපරිම පොලිය 23% ක් ද ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම පොලිය 28% වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම දඩ පොලී අනුපාතය අදාළ ණය පොලියට අය කරන පොලී අනුපාතයෙන් උපරිමය 2% විය යුතුය.

මෙම ක්‍රියාමාර්ග අනුගමනය නොකරන සියලු බැංකු හා මුල්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ නියාමනයක් සිදු කිරීමට මහ බැංකුව කටයුතු කරන අතර ඊට අදාළ උපදෙස් ද 25 වැනිදා නිකුත් කරන චක්‍රලේඛයේ දැක්වේ.

 

Comments