පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගන්නා ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විට නිකුත් කර තිබියදීත් බඳවා ගැනීම් කරගැනීමට නොහැකි වීම කනගාටුදායක තත්ත්වයකි. වසර දෙකක් නිවෙස්වල සිට පැමිණි දරුවන්ට අකුරු ලිවීමට කියවීමට නොහැකියි. විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ වැටුප් කැපීමට පෙර අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු නිලධාරීන්ගේ වැටුප් කපා හරින්නේ කවදාද?
පාසල්වල ගුරු පුරප්පාඩු තිබියදී දරුවන්ගෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකියි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිවරයාට වැටුප් වැඩි නොකරන බව සඳහන් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා චක්‍රලේඛයක් නිකුත් කිරීම අනීතිකයි. එය වහාම අත්හිටුවීමට අධ්‍යාපන ඇමැතිවරයා පියවර ගත යුතු යි.
මධ්‍යම පළාත තුළ ගුරු පුරප්පාඩු 5,878ක් පවතිනවා. රාජ්‍ය සේවකයකුට වැටුප් වර්ධක පිරිනමනුයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය සේවා නිලධාරීන්ගේ කාර්යසාධන ඇගැයීම් සිරස්තලය යටතේ 7-98 චක්‍රලේඛය අනුව වන අතර, කාර්යසාධන ඇගැයීම සිදු කරනුයේ ආයතන සංග්‍රහයේ 7 වැනි පරිච්ඡේදය අනුවයි.
දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට තිබෙන රාජකාරිවලින් එකක් පමණයි. ඊට අමතරව තවත් රාජකාරි 45ක් පමණ තිබෙනවා. ගුරුවරුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ඇමැතිවරයාටත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉලක්ක තිබුණොත් හොඳ ගමනක් යා හැකි යි.