
අධිකරණ මඟින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම්.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අතුරු තහනම් නියෝගවලට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස සභානායක, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් කළ ඉල්ලීමකින් පසුවය. ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක් පවත්වන්න ගිය විට පිරිසක් අධිකරණයට යන බවත් මෙය දරුවන්ට ගුරුවරුන්ගේ කාර්යයක් බව සියලු පාර්ශ්වකරුවන් දැන ගත යුතු බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පැවැසීය.
නමුත් ඒ සඳහා වසර තුනක පමණ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත්, අතරු තහනම් නියෝගයක් වසර තුන හතරක් දීමට බැරි බවත් මේ නිසා අපහසුතාවන්ට ලක් වෙන්නෙ දරුවන් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. අතුරු තහනම් නියෝග සඳහා නිශ්චිත දින නියම කරන්න සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙනා යුතුයි.
දරුවන්ට වෙන අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැති බවත්, පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන ස්ථානය වන අතර, අධිකරණය කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී අධිකරණ ඇමැතිවරයා පැවැසූයේ අධිකරණ මඟින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවය.