පිරමීඩ ක්‍රම දිරි ගැන්නුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට | සිළුමිණ

පිරමීඩ ක්‍රම දිරි ගැන්නුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට

නීති විරෝධි පිරමීඩ යෝජනා ක්‍රමවලට දිරි ගන්වන්නන්ට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ඒ අනුව එවැනි ක්‍රියාකාරකමක් කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සිළුමිණ පුවත්පතට පැවසීය. ඔහු පෙන්වා දුන්නේ එසේම එය නීතියෙන් ඇපදිය නොහැකි වරදක් බවය. මහ බැංකු ප්‍රකාශකයා පැවසුවේ ශ්‍රි ලංකා මහ බැංකුවෙ විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම ඒවා නිත්‍යනූකූල බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදන බවයි.

නීති විරෝධි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නන් ඒවා සාධාරණීකරණය කිරීමට කරුණු 4 ක් මුල්කර ගනිමින් ආයෝජන ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව මහ ජනතාවගෙන් මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති බවත්ය. මාර්ග ගත ක්‍රමය හරහා ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රම නීත්‍යානූකූල බව පෙන්වීමට කූට ලෙස කටයුතු කරන ජාවාරම්කරුවන් තමන්ගේ ව්‍යාපාරයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසින්ට අනුකූලව කටයුතු කරන බව පෙන්වීමට විවිධ උත්සහ දරමින් සිටින බවය.

Comments