මහජන බැංකුවේ 62 වැනි සංවත්සරයට ලේ දන්දීමේ කඳවුරක් | Page 10 | සිළුමිණ

මහජන බැංකුවේ 62 වැනි සංවත්සරයට ලේ දන්දීමේ කඳවුරක්

මහජන බැංකුවේ 62 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවැති ලේ දන්දීමේ කඳවුර කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ආපණ ශාලාවේදි පසුගියදා පැවැත්විණි.

මහජන බැංකුවේ සුබසාධක දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදි බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ අතර මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනි/ සාමාන්‍යාධිකාරීනි රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුණිකා විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) කේ.ඒ නිහාල් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (සුබසාධන සහ සේවක ණය) අජිත් රත්නායක සහභාගි වුහ.

 

Comments