නේෂන්ස් ට්‍රස්ට් ජයග්‍රාහකයන්ට තෑගි රැසක් | සිළුමිණ

නේෂන්ස් ට්‍රස්ට් ජයග්‍රාහකයන්ට තෑගි රැසක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයන්ට සුපිරි වෙළෙඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී.

විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම, ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙන ලදි. මෙරටට මුදල් එවීම සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දෙන අතරම හුදෙක් සේවාවකට එහා ගිය මෙහෙවරක් ඉටුකිරීම කිරීම සඳහා මෙය “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්”’ ලෙස නම් කර ඇත.

මේ යටතේ, රු. 50,000/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඕනෑම විදේශ මුදල් ප්‍රේෂණයක් සඳහා එක් දිනුම් අවස්ථාව බැගින් හිමි වන අතර, වාසනාවන්ත ජයග්‍රාහකයින්ට සුපිරි වෙළෙඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් හිමි වේ. මෙම වැඩසටහනට මේ වනවිට රට පුරා ගනුදෙනුකරුවන් විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත.

මහා දිනුම් ඇදීම අවසන් වන තුරු සෑම මසකම සුපිරි වෙළෙඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් දිනා ගැනීමට අවස්ථාව හිමි වේ. වැඩසටහන අවසානයේදී මහා දිනුම් ඇදීම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි ජයග්‍රාහකයන්ට එතෙර වෙසෙන තම ආදරණීයයන් බැලීමට යාම සඳහා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමි වේ.

Comments