
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වූ අතර අප්‍රේල් මාසයේ දෙවන වටයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කටානේ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක වන ඉනෝකා ලක්මාලි කොස්තාට හිමි විය.
“අපි සහභාගී වුණ පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩසටහනකදි තමයි මම මුලින්ම ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණයේ දිනුම් ඇදීම පිළිබඳව දැන ගන්නේ. නමුත් මම එහි ජයග්‍රාහිකාවක් වෙයි කියලා හිතුවේ නැහැ. මම ස්තූතිවන්ත වෙනවා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයට මාව තෝරා ගැනීම පිළිබඳව. මම අනිත් හැමෝටම කියන්නේ එන්න, ඇවිත් ‘ළබැඳි රන්වාසි’ සමඟ එකතු වෙලා මේ ජයග්‍රහණ හෙට ඔබේ කර ගන්න කියලා.” ඉනෝකා ලක්මාලි පැවසුවාය.