මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න උපන් බොදු ගොවි අවුරුදු 32,​ උස 5' 10" උගත්,​ නැණවත්,​ පැහැපත් දැනට ඉඩම් හිමි,​ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කරන දේපල හිමි පුතුට රුව,​ නැණ,​ ගුණ සපිරි වැදගත් මව්පිය දේපලකගේ දියණියක් ආදායම් ඇති මව්පියෝ සොයති. හඳහන සමග සියලුම විස්තර පළමු ලිපියෙන් දන්වන්න.
G201573

කුරුණෑගල බොදු කරාව/​ගොවිගම වැදගත් ධනවත් දෙමාපියන් ඔවුන්ගේ 1994/​4 උපත ලද උස 5‘ 6“ කඩවසම් විශිෂ්ඨ චරිතයකින් හෙබි මත්පැනින් තොර,​ හොඳින් හැදුණු වැඩුණු ට්‍රිනිටි හා ග්‍රේට්වේ විද්‍යාල වෙතින් අධ්‍යපනය ලැබූ MBBS වෛද්‍ය උපාධි ලබා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරණ පුතුට රූමත්,​ සිහින් සිරුරැති උගත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමතිය. ඉතා ඉහළ ප්‍රමාණයේ වත්කම් හා දේපළ හිමිය. පවුලේ විස්තර සමඟ පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​s​.​s​a​m​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​
G201638

කොළඹ බොදු /​ ගොවි වයස අවුරුදු 45,​ උස 5' 10" (BSc,​ MBA) සුදුසුකම් ලැබූ උගත් තලෙළු,​ ඉතාමත් කඩවසම්,​ සරල,​ මිත්‍රශීලී,​ කරුණාවන්ත,​ ඉතාමත් යහපත් චරිතයක් හිමි,​ විවාහ නොවූ සමාගම් අධ්‍යක්ෂවරයකු වන,​ රු. 500,​000/​- වැටුපක් ලබන ධනවත් පවුලක බාලම පුතුහට තලෙළු,​ කරුණාවන්ත,​ රූමත් ඉතාමත් හොඳ චරිතයක් හිමි මනාලියක් සොයයි. පාපීන් රහිත කේන්ද්‍ර s​a​p​r​o​p​2​0​@​y​a​h​o​o​.​c​o​m​ පිළිතුරු සපයන්න.
G201377

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ උස 6' කරුණාවන්ත හදවතක් ඇති BSc (Aus) MBA (uk) උපාධිධාරී මනා අධ්‍යාපනයක් ලැබූ නාලන්දියකු වන,​ ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි ගෝලීය සමාගමක සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත,​ රූමත් දියණියක් සොයති. යෝජිත පුතුට නිවසක්,​ වාහනයක් හා වෙනත් බොහෝ වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු 93s​o​n​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G201416

නවසීලන්තයේ පුරවැසි භාවය හිමි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5' 3" ගෘහ නිර්මාණ ශිල්පී කර්මාන්තයේ නියුතු පුතුහට නවසීලන්තයේ පදිංචි යෝග්‍ය දියණියක් සොයයි. (ඕනෑම වීසා තත්ත්වයක් යෝග්‍යයි) පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. (පාපීන් සහිත කේන්ද්‍ර යෝග්‍යයි) අමතන්න. c​h​a​n​d​i​1​9​6​2​@​h​o​t​m​a​i​l​.​c​o​m​,​ වට්ස් ඇප් - +64211832709.
G201709

බොදු ගොවි වයස හතලිස් මැද ගණන්වල වගකීම් සහිත විනෝදකාමී සෙනෙහෙබර හා සැලකිලිමත් ඉංජිනේරු වෘත්තික,​ ශ්‍රී ලාංකික බොදු සාරධර්ම මත හැදී වැඩුණු ඔස්ට්‍රේලියානු පුරවැසි අයෙක්මි. මා සොයනුයේ වයස අවුරුදු 35-40 අතර,​ හොඳ ඉංග්‍රීසි සාක්‍ෂරතාවයෙන් යුත් විදේශගතවීමට කැමති හෝ දැනටමත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන,​ දක්ෂකමින් යුත්,​ සුදුසු සහකාරියකි. අධ්‍යාපනික සුදුසුකම් හෝ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත දක්ෂ හොඳ සාරධර්ම සතු අයද සලකා බැලේ. කරුණාකර ඇමතුම් විස්තර සමග පිළිතුරු එවන්න. m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​
G201619

මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 අගෝස්තු මස උපත ලද උස 5' 11" කඩවසම්,​ උගත් මනාගති පැවතුම් ඇති මහනුවර ප්‍රධාන පෙලේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලද වර්තමානයේ පවුලේ ව්‍යාපාරයක නිරත පුතුහට උගත්,​ රූමත්,​ කඩවසම් දියණියක් සොයයි. (විදේශ ගත වීමට අදහස් නොකරයි) පාපීන් නොවන කේන්ද්‍ර පමණි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර s​o​n​p​r​o​p​k​a​n​d​y​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
G201627

යහපත් පවුල් පරිසරයක් සහිත සිංහල කතෝලික/​බෞද්ධ ගොවිගම දෙමාපියන් විසින්,​ ගණකාධිකරණය හෝ මූල්‍යය අංශයෙන් අධ්‍යාපනය ලැබු හා ඒ අංශවල වෘත්තීය සුදුසුකම් ඇති උස අඩි 5‘ 4“ ට නොවැඩි වයස අවුරුදු 27ට අඩු කාරුණික යහපත් දියණියක් දෙමාපියන් විසින් තම පුතුට සොයනු ලැබේ. අපගේ 27 හැවිරිදි 5‘ 4“ ක් උස ද්විත්ව පුරවැසි පුතු ජාතික ප්‍රමුඛ යුරෝපීය රටක ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති අතර,​ දැනට එක්සත් රාජධානියේ මූල්‍ය MSC ජාත්‍යන්තර මූල්‍යකරණ ගණකාධිකාරීවරයෙකු වශයෙන් යුරෝපීය ට්‍රාන්ස් ජාත්‍යන්තර සමාගමක වැඩ කටයුතු කරයි. යුරෝපයේ වත්කම් හිමිය. ආගම සහ කුලය නොසැලකේ. වැඩි විස්තර සඳහා පහත විද්‍යුත් ලිපිනයෙන් විමසන්න. p​r​o​p​o​s​a​l​x​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G201523

සිංහල /​ ගොවි /​ බොදු වැදගත් ද්විත්ව පුරවැසි පවුලක,​ 1995 වයස 28,​ සිහින් සිරුරැති කඩවසම්,​ නිරෝගී /​ සුවතාවයෙන් යුත්,​ දුමින් තොර,​ උස 5' 10" සිංහල බොදු සාරධර්ම මත එක්සත් රාජධානියේ හැදී වැඩුණු,​ වෘත්තීය සුදුසුකම්ලත් නීතිඥ,​ එක්සත් රාජධානියේ මූලස්ථානය ඇති ප්‍රසිද්ධ ආයතනයක in-house legal counsel හා නීති අංශ ප්‍රධානී ලෙස සේවය කරන (ජාත්‍යන්තරවද කටයුතු සිදු කෙරේ) තම පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම් ලත් දියණියක සොයයි. ඇය එක්සත් රාජධානියේ ජීවත්වන අයකු නම් වඩා හොඳය. කරුණාකර,​ පවුලේ විස්තර (පාපී කේන්ද්‍ර නොවිය යුතුය) සමග පිළිතුරු n​o​l​w​i​t​h​@​h​o​t​m​a​i​l​.​c​o​m​.
G201457

අප දකුණේ පදිංචි බෞද්ධ කෞරව,​ වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකි. රජයේ උසස් රැකියාවලින් විශ්‍රාම ගොස් සිටින මව සහ පියාට සතුටුදායක විශ්‍රාම වැටුපක් හිමිය. අපගෙන් පසු මෙම විශ්‍රාම වැටුප සහ පදිංචි බංගලාව සහිත ඉඩමද හිමිවනුයේ යෝජිත අපගේ බාලපුතණුවන් වෙතය. 1985 උපන් මොහු ගාල්ල,​ රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. කඩවසම් පැහැපත් මොහු විනයගරුක දහමට ලැදි අයෙකි. අපගේ වැඩි කැමැත්ත පැහැපත් විනීත ගති පැවතුම් සහිත ගුරු දියණියකට වුවත්,​ වත්කම් සහිත සුරූපී දියණියක් වුවද සලකා බලන්නෙමු.
SG201514

අම්බලන්ගොඩට නුදුරු බොදු කරාව අවුරුදු 47,​ උස 5' 4" සහාය ඖෂධවේදී කඩවසම් පුතුට රජයේ රැකියාවැති චරිතවත් දියණියක් විශ්‍රාමික මව සොයයි. ඉඩම සහ නිවස හිමිය. මීට වසර 2 කට පෙර හදිසි අනතුරකින් බිරිඳ මියගිය අතර අවුරුදු 11 ක දියණියක් සහ අවුරුදු පහක සුරතල් පුතකු සිටියි. gmail: d​.​d​h​a​r​m​a​w​a​r​d​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG201477

අලව්ව බොදු දේව,​ ගුරු ඉංජිනේරු දෙමාපිය මොරටුව විශ්වවිද්‍යාල මෘදුකාංග ඉංජිනේරු උපාධිය සමත් අවුරුදු 26 වියැති කොළඹ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ආයතනයක රැකියාවැති කඩවසම් පෙනුමැති පුතුට සම කුල වෛද්‍ය ඉංජිනේරු තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියාවැති දියණියක් සොයයි. පවුලේ උසස් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනෙකුද සිටී. වැඩි විස්තර සඳහා c​h​a​n​d​r​a​s​i​r​i​w​w​@​g​m​a​i​l​.​c​o​m​ Email අංකයෙන් හෝ තැපෑලෙන් විමසන්න.
SG201528

ඉංජිනේරු උපෙද්ශන සමාගමක ප්‍රධාන විධායක නිලධාරී 1980 මැයි 5' 8'' B.Sc ඉංජිනේරු MBA (UK) බොදු ගොවි දුරාව දුමින් මතින් තොර වත්කමැති පුතාට උගත් චරිතවත් සහාකරියක් විශ්‍රාමික බොදු ගොවි මව සොයයි.
SG201063

උඩරට බොදු ගොවි බීඑස්සී 50 වියැති සිවිල් ඉංජිනේරු සමකුල උගත් රුවැති 35 ට අඩු මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG201176

කළුතර දිස්ත්‍රික්කයේ බොදු සලාගම 1995 ජනවාරි 5' 6" කොළඹ ප්‍රධාන පාසැලක උගත් උපාධිධාරී ප්‍රමාණ සමීක්ෂණ (QS) දැනට ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර සේවයේ නියුතු මතින් තොර ගුණ ගරුක වත්කම් හිමි පුතුට උගත් ගුණ ගරුක දියණියක් දෙමව්පියෝ සොයති. හඳහන සමග විස්තර එවන්න. විදේශ යෝජනා වුවද සලකා බැලේ. භේද නොසැලකේ. 1995p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SG201487

කුරුණෑගල බොදු ගොවි 31 වියැති 5' 7" උස උගත් රජයේ රැකියාවැති කඩවසම් පුතුට රජයේ රැකියාවැති (ගුරු,​ හෙදි විශේෂයි) යහපත් උගත් දියණියක් දෙමව්පියෝ සොයති. 037-2236765.
SG201537

ගම්පහ බොදු ගොවි අවු. 64 යි. කුලී රැකියාවෙහි නිරතවන මා දුප්පත්,​ ගුණයහපත් සහකාරියක් විවාහයට සොයයි. (නැවතීමට හැකිය)
SG201577

ගම්පහ බොදු ගොවි 1988/​8,​ උස 5' 2'' A/​L දක්වා උගත්,​ තමාගේම ව්‍යාපාරයක්,​ නිවස 2,​ වාහනයක් හිමි මෑතක සිට වම් කකුලේ සුළු ආබාධයක් සහිත පුතුට සමඋගත්,​ රැකියාවැති/​ නැති ප්‍රියමනාප දියණියක් මව සොයයි. විසා නැකත,​ රාක්ෂ ගණ,​ තෙවැනි පාදය වේ.
SG200747

ගම්පහ බෞද්ධ 1973,​ 5' 5" වැන්දඹු දෙදරු (10,​ 12 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු මම රැකියාවැති/​ නැති ඕනෑම සහකාරියක් පතමි. ආදායම 125000/​-. වරදට සමාව. නිර්භේදයි.
SG201258

ගාල්ල බොදු විශ්ව 56 වියැති උස 5' නීතියෙන් වෙන්වූ දරුවන් දෙදෙනෙකු සිටින දෙමහල් නිවසක් සමග දේපළ ඇති ව්‍යාපාරික මා හට රැකියාවැති හෝ නැති සුදුසු සහකාරියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SG201410

තනි තීරණ ගත හැකි - ජීවිතය විදීමට කැමති ලස්සන යුවතියක් විවාහය සඳහා සොයමි. මා 1964 උපන් නීතියෙන් වෙන් වූ ව්‍යාපාරිකයෙකි. දෑවැදි,​ බේද නොතකන අතර පළමුව පෞද්ගලික හමුවීමට කැමැති අය පමණි. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384.
SG200543

ත්‍රිකුණාමලය බොදු ගොවි 37 වියැති උස 5‘ 5“ දුම්රිය දෙපාර්ත මේන්තුවේ සේවයේ නියුතු පුතණුවන් හට සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි. ගේදොර,​ ඉඩකඩම් ඇත. කේන්ද්‍රය සමග විමසන්න.
SG201529

දකුණේ බොදු රජක (නාමික) අවුරුදු 29 පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ගේ දොර සහ වාහනයක් හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් පෙනුමක් හිමි දියණියක් දෙමව්පියන් සොයයි. සෙනසුරු 7. දුරකථන අංකය 041-2232762 (සවස 6 න් පසු අමතන්න)
SG200553

නවසීලන්තයේ වෙසෙන බොදු ගොවි කාර්මික අංශයේ සේවයේ නියුතු 53 වියැති එහෙත් වයස නොපෙනෙන පවුලේ එකම සොහොයුරාට ගේදොර වැඩ ගැන දැනුම ඇති අවංක යුවතියක් වැඩිමල් සහෝදරිය සොයයි. වංචනික විවාහයකින් පැමිණිලිකරු වී දික්කසාද වී ඇත. පවුල් බරින් තොරය. නිවසක්,​ වාහනයක් සහ අනිකුත් දේපළ හිමිය. දික්කසාද,​ වැන්දඹු,​ දරුවන් සිටින හෝ නොසිටින සලකා බැලේ. භේද නොසැලකේ. p​e​r​e​r​a​g​e​e​t​h​a​9​9​@​y​a​h​o​o​.​c​o​m​
SG201394

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ උස 5‘ 11“ උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු පුතුහට උගත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු proposal 8​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG201484

බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ 1990 උපත ලද උස 6‘ 2“ කඩවසම්,​ මනා පෙනුමැති වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ස්ථිර පදිංචි කරුවකු වන වැඩිමහල් පුතුහට අකර්ෂණීය,​ රූමත් මනා ගති පැවතුම් ඇති දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති පවුලකින් සොයයි. කරුණාකර පූර්ණ පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SG201597

බොදු සලාගම අවු. 41,​ 5' 6'' වාහන විදුලි කාර්මික සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. දෑවැදි නොසලකයි. 0342290315
SG200967

භාෂා පරිවර්තක බොදු ගොවි වයස නොපෙනෙන 50 ක් පමන,​ නිවස වාහන ඇති මහතකුට සුදුසු මනාලියක් අයියා සොයයි. දික්කසාද,​ වැන්දඹු සැලකේ. 0112-906816.
SG201556

මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 91/​1 උපත ලද උස 5' 6" කඩවසම් කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති,​ කැනඩාවේ ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරණ පුතුහට තලෙළු,​ රූමත් චරිතවත් කැනඩාවේ හෝ ශ්‍රී ලංකාවේ රැකියාවේ නියුතු සමාන අධ්‍යාපනික පසුබිමක් සහිත වයස 25 - 28 අතර,​ කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 ගැළපෙන දියණියක් සොයති. තුලා,​ මිථුන,​ කුම්භ ලග්න හා මහනුවර,​ මාතලේ,​ කෑගල්ල,​ රත්නපුර,​ කොළඹ,​ ගම්පහ යන දිස්ත්‍රික්ක විශේෂයි. පිළිතුරු t​o​d​a​y​k​a​n​d​y​1​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. දුරකථනය. 081-2315702
SG201409

මාතර අවු. 29 වන කාර්මික ශිල්පී පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 071-7389356.
SG201559

මාතර,​ කොටුව,​ බොදු කරාව අවුරුදු 27 වියැති (1996-04-21 උපන්) දැනට ජපානයේ රැකියාවක නියුතු පුතුහට ජපානයට යෑමට කැමති මනාගති පැවතුම් ඇති උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. Email- a​w​g​l​a​k​m​a​l​i​3​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG201382

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බොදු ගොවි අවු. 32 උස 6.2 ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා සිවිල් ඉංජිනේරු උපාධිය M.S.C අවසන්,​ දැනට පවුලේ ව්‍යාපාරවල යෙදී සිටින පුතුට සමමට්ටමේ ව්‍යාපාරික පවුලකින් උගත් රූමත්,​ දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. ඉඩකඩම්,​ දේපළ විශාල වත්කමක් හිමිය. හඳහන සමග සියලු විස්තර s​a​k​i​l​a​m​o​o​n​@​g​m​a​i​l​.​c​o​m​
SG201430

හික්කඩුව බොදු ගොවි 26 වියැති උස 5' 10'' විදෙස්ගත රැකියාවක නියුතු පුතුණුවන් හට රූමත් කඩවසම් දියණියක් දෙමව්පියන් සොයයි. කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි. කේන්දරය සමග විමසන්න.
SG201189

1974 උපන් ගාල්ල බොදු ගොවි නිවසක් වාහනයක් හිමි රූපවාහිනී ආයතනයක තාක්‍ෂණ නිලධාරී සොහොයුරාට ස්ථිර රැකියාවැති ගැළපෙන සහකාරියක් සොයයි. දෙමාපියන් ගුරුවරුන්ය. (මියගොස්ය) කන්‍යා ලග්න,​ බෙරණ නැකත,​ කුජ 8. 091-2247519.
SG200592

1981,​ 5' 6" පාදුක්කට නුදුරු බොදු ගොවි රැකියාවක් නිවසක් හිමි සුරා සුදූවෙන් පවුල් බරින් තොර මා 38 ට අඩු සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි.
SG200568

1982 උපන් උස අඩි 5 අඟල් 10 බොදු ගොවි තලෙළු රජයේ රැකියාවක නියුතු වැඩිමල් පුතුට පියා සොයනුයේ රැකියාවක නියුතු ප්‍රියමනාප දියණියකි. ශනි මංගල කේන්ද්‍ර විශේෂයි. 0112701663.
SG201518

1985 මොරටුව සිංහල බොදු උස 5' 6" ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවේ නියුතු පුතුට ගුණවත් රූමත් සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි. කටක,​පාප කේන්ද්‍රයක් නොවේ. m​e​r​.​c​o​o​r​a​y​@​g​m​a​i​l​.​c​o​m​
SG200596

1988 ගම්පහ බොදු ගොවි 5' 8" රජයේ රැකියාවැති නිවස,​ නවීන වාහනයක් හිමි කඩවසම් පුතුට රැකියාවැති රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 033-5712600.
SG201495

1990 රත්නපුර බොදු ගොවි 5‘ 6“ M.B.B.S. වෛද්‍ය පුතුට වෛද්‍ය විද්‍යා,​ ගණිත,​ ඉංග්‍රීසි උපාධි ගුරු දහමට ලැදි චාම් දියණියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍රය සමග විස්තර ලියන්න.
SG201526

1990,​ 6' 2",​ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි,​ සිහින් සිරුරක් ඇති වැඩිමහල් ඉංජිනේරු පුතුට ගැළපෙන,​ උගත් රූමත් දියණියක් බොදු ගොවි විශ්‍රාමික මව සොයයි. පවුලේ සියලු විස්තර හඳහන් කොපිය සහ ඡායා රූපයක් සමග දන්වන්න. m​a​r​r​i​a​g​e​p​r​o​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SG201562

1995 පෞද්ගලික ආයතනයක සේවය කරන අතක සුළු ආබාදයක් ඇති තමාගේම නිවසක් හිමි මා සාමාන්‍ය පවුලක යුවතියක් සොයමි.
SG200779

Comments