බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් | Page 12 | සිළුමිණ

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 
 
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 
 
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් ලෙසත්, දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් ලෙසත් නියම කර තිබේ.
 
එමෙන්ම සුදු බිත්තර කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880 ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර ඇති අතර දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 920 ක් ලෙස උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
 

Comments