මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

උඩරට බොදු ගොවි අවු 26 උස 5' 9" ප්‍රමාණ සමීක්‍ෂක (QS) 7 නැකත පවුල් බරින් තොර පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයති.
G197933

කතෝලික 1973 උපත ලද උස 5' 9'' ද්විත්ව පුරවැසි MBA/​ BA ස්විට්සර්ලන්තයේදී සුදුසුකම් ලැබූ විවාහ නොවූ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ ප්‍රසිද්ධ හෝටලක අධ්‍යක්ෂ තනතුරක් දරන පුතුහට නිදහස්,​ උගත් විදේශයක පදිංචි හෝ විදේශීය වටපිටාවට හුරු පුරුදු ජීවන සහකාරියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් පවුලේ විස්තර සමග පිළිතුරු a​r​t​r​o​2​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
G198084

කැනඩාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසි,​ 42 වියැති ( කඩවසම් වයස නොපෙනෙන) උස 5‘ 08“ කැනඩාවේ විශ්වවිද්‍යාල උපාධිධාරි උඩරට බොදු ගොවි කැනඩාවේ විධායක රැකියාවැති,​ නිවාස,​ ඉඩම්,​ වාහන හිමි,​ දුසිරිතෙන් තොර විශාල දේපළක් හිමි එකම පුතුට යහපත් දියණියක් ශ්‍රී ලංකාවේ පදිංචි මව සොයයි. තුන් මසක කෙටි විවාහයකින් දරුවන් නොමැතිව නීතියෙන් වෙන්වී ඇත. කුඩා දියණියක සමග තනිවූ ඔබට සහ ඔබ දියණියට ආදරණීය සැපවත් ජීවිතයක් ලබාදෙමින් සැබවින්ම ඇයට ආදරණිය පියෙක් වෙමි. රූමත් ආකර්ෂණීය පෙනුමක් ඇති සිහින් සිරුරක් ඇති කාරුණික වයස 33 අඩු කාන්තාවක් පමණි. අධ්‍යාපනික කටයුතු වලට උදව් කිරීමටද පුළුවන. අධ්‍යාපන මට්ටම දෑවදි නොපතමි. දෙමාපියන් නොමැති හෝ ඇති,​ අවිවාහක හෝ දික්කසාද සැලකේ. අඩු වයස් සහ බේද නොමැත. ඉක්මනින් විවාහ වී කැනඩාවේ පදිංචියට. දුරකථන අංකය සමග සියලු විස්තර මුල් ලිපියෙන් තමාම ලියන්න. Email. a​m​a​l​w​e​e​r​a​@​s​h​a​w​.​c​a
​G197935

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද වයස අවුරුදු 33 මත්පැනින් හා දුම්පානයෙන් තොර ඉතා උසස් අධ්‍යාපනයලද (කොළඹ පාසලක) ව්‍යාපාරික ආදායම් හා වෙනත් ස්ථිර ආදායම් සහිත වැඩිමහලු පුතුහට රැකියාවක නිරත වීමට කැමැත්තක් නොමැති මාර්ගගත ක්‍රමයට නිවසේ සිට ඉගැන්වීමේ යෙදෙන ගුරුවරියන් හා ව්‍යවසායිකාවන් වන දියණියක් සොයයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G197806

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද,​ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ,​ ACBT විශ්වවිද්‍යාලයෙන් ප්‍රධාන විෂයයන් ලෙස අලෙවිකරණය හා අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ප්‍රථම ව්‍යාපාර පරිපාලන උපාධිය ලැබූ කොළඹ මනා ලෙස පරිපාලිත රෙදිපිළි ව්‍යාපාරයක් හා වෙනත් ඉහළ වටිනාකම් ඇති දේපළ ඔහුගේ නමට හිමි කඩවසම් මනා අධ්‍යාපනය ලද පුතුහට කමනීය උසස් අධ්‍යාපනය ලැබූ දියණියක් සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​8​2​6​@​g​m​a​i​l​.​c​o​m​
G197960

මහනුවර ජීවත් වන දෙදෙනාම ගුරුවරුන් වන දෙමාපියන් ඔවුන්ගේ 1989 ජූලි මස උපත ලද වයස 33,​ උස 5' 9'' භූ ගර්භ විද්‍යා විශේෂ) BSc උපාධිය ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් ලද MSc හැදෑරීමට බලාපොරොත්තු වන දුම්පානයෙන් හා මත්පැනින් තොර කඩවසම් කරුණාවන්ත,​ පැමිණිලිකාර පාර්ශ්වය ලෙස කෙටි විවාහයකින් දික්කසාද වූ,​ බැඳීම් රහිත පුතුහට උගත්,​ රූමත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඔහු නිෂ්පාදන කළමනාකරුවකු ලෙස මහනුවර පිහිටි ජපන් සමාගමක සේවය කරන අතර,​ ඉතා ඉහළ වැටුපක් ලබයි. එකම සහෝදරිය එක්සත් රාජධානියේ ජීවත් වන කථිකාචාර්යවරියකි. විදේශයන්හි ජීවත් වන හෝ විදේශගත වීමට කැමැති මනාලියක් නම් වඩාත් යෝග්‍යයි. ඔහුට මහනුවර නිවසක්,​ ප්‍රමාණවත් ධනයක් හා ආදායම් උපයන ඉඩම් හා වෙනත් බොහෝ වත්කම් හිමිය. භේද නොසැලකේ. a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​ 0812497433,​ 0716398497
G197953

අගනුවරාසන්න 1991 බොදු ගොවි පෞද්ගලික බැංකු නිලධාරී 5' 4'' උගත් කඩවසම් එකම පුතුට සහකාරියක් සොයයි. ගුරු සේවය විශේෂයි. භේද නොසැලකේ. දුරකතන අංකය සමග විමසන්න.
SG197403

අගනුවර 1982 උපන් 5' 4'' ලාබාල පෙනුමැති රජයේ ස්ථිර රැකියාවැති,​ ගේ දොර හිමි පුතුට දියණියක් සොයයි. කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ,​ ශනි 7,​ කුජ ගුරු 8) දු.අ. 0112517864
SG198142

උසස් වෘත්තියක නියැලෙන දේපළ හිමි මැදිවියේ සහකරුට විවාහය සඳහා වයස 28 - 36 අතර,​ රූමත් සහකාරියක් සොයයි. කිසිවක් අපේක්ෂා නොකරයි. දුරකථන අංකය සමග විමසන්න.
SG198128

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි අඩි 5' 3'' උස 1982 උපන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හා ජ.පුර. M.B.A,​ උපාධිය හදාරා ප්‍රසිද්ධ ආයතන කිහිපයකට සම්බන්ධව මෘදුකාංග ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන කුජ,​ ශනි 11 භාවයේ සිටින කඩවසම් පුතුට උගත් පියකරු දියණියක් විශ්‍රාමික පියා මව සොයයි.
SG197162

කොළඹ දිස්ත්‍රික්කයේ 41 වියැති 5' 7" උගත් මසකට ලක්ෂ 02 ක ආදායම් ඇති පුතුට සහකාරියක් සොයයි. ළමයි නොමැති දික්කසාද සලකනු ලැබේ. 0115789821,​ 0715222460.
SG198069

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි 1991 උස අඩි 5' 6'' නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන බාල පුතුට යහපත් ගති ගුණ ඇති මනාලියක් දෙමව්පියෝ සොයති. (හඳහන සමග විමසන්න)
SG198111

ගම්පහ බොදු ගොවි 1984,​ 6' කොරියාවේ සිට පැමිණි පුතුට නව නිවසක් හිමි පුතුට ගුණ යහපත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි.
SG197727

ගම්පහ බෞද්ධ 1973,​ 5' 5'' වැන්දඹු දෙදරු (අවු. 12,​ 10 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂයක ආදායමැති සියලු දුසිරිතෙන් තොර මාගේ ඇරයුම ඕනෑම සහකාරියකටයි. නිර්භේදයි.
SG198092

ගම්පහ,​ යක්කල අවු. 23,​ උස 5' 6" දැනට පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ නියුතු පුතුට සාමාන්‍ය ඉගෙනීමක් ඇති දුප්පත් හෝ සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. අපි සාමාන්‍ය පවුලකි.
SG197779

ගෙය දොර හිමි,​ ආදායමැති දැහැමි දිවියකට සහකාරියක් බලාපොරොත්තු වන,​ තමන්ගේ ආහාර පිළියෙල කර ගනිමින් නිර් මාංශීව කටයුතු කරන දෙමාපියන් අහිමි මා මතින් දුමින් තොර අවිවාහකයෙක්මි. අගනුවරින් ලක්ෂ 300 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩමක් මාසිකව රු. 50,​000/​= කට වැඩි මුදලක් ලැබෙන දශක 3 ක කාලයක් ආදායම් මාර්ගයක යොමු වෙමින් උපයා සපයාගත් දෑ ප්‍රයෝජනයට ගැනීමට සහකාරියකට අවස්ථාව සැළසෙන නිසා ආරාධනාව. සතර පොහොයෙන් එක් පොහොයක්වත් ආගමික කටයුතුවල යෙදෙන කොළඹ අවටින් දෙමාපියන් අහිමිව අවිවාහකව සිිටින 45 න් ඉහළ සොහොයුරියකට නිහඬ විවාහයකට දායාද නොමැතිවය. 011-4351738 ලිපිනයැතිව ලියන්න.
SG197422

ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙන ගනී. වෙනම නිවසක් සහ වෙනත් දේපල හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. සිළුමිණ බාරේ හෝ E-mail මගින් විමසන්න. g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG197245

නුගේගොඩ ජීවත් වන බොදු ගොවි වැදගත් උඩරට පවුලක් ඔවුන්ගේ 1992 ඔක්තෝබර් මස උපත ලද උස 5' 10'' එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකින් උපාධි ලද,​ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එකම පුතුහට විශ්වවිද්‍යාල අධ්‍යානය ලද රූමත් තළෙළු ආකර්ෂණීය 1994 - 2000 අතර උපත ලද උස 5' 4'' වන සම පවුල් පසුබිමක් සහිත පවුලක මනාලියකි. පවුලේ හා දියණියගේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. අපගේ විද්යුත් ලිපිනය : p​r​o​p​o​s​a​l​s​1​3​2​c​@​g​m​a​i​l​.​c​o​m​
SG198019

ප්‍රංශයේ සිට පැමිණි 1964 උපන් නීතියෙන් වෙන්වූ මා සාම්ප්‍රදායික නොවන ලස්සන යුවතියක් සොයමි. කුඩා දරුවෙකු සමග තනි වූ අයකු විශේෂයි. බටහිර සංස්කෘතියට ගැලපිය හැකි සුදුසු අය පමණක් අමතන්න. 091-2231384.
SG198026

පාදුක්කට නුදුරු බොදු ගොවි 1983 5' 5'' ආදායම් ලබන ඉඩම් නිවසක් සහ තමාගේම ප්‍රවාහන ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට රැකියාවැති හෝ නැති සහකාරියක් දෙමාපියන් සොයයි.
SG197170

බස්නාහිර පළාත බොදු ගොවි 50 පළමු විවාහයෙන් වෙන්වූ මසකට ආදායම ලක්ෂ 3 ඉක්මවන පුතුට රූමත් මනාලියක් නැන්දා සොයයි. දරුවෙක් සිටියාට කම්නැත. 0112098989.
SG197736

බස්නාහිර බොදු ගොවි 1974 උපන් 5' 4'' උස මොරටුව සරසවියේ (BSc,​ MSc) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරු එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික වැඩිහිටියෝ සොයති. (ගුරු ඉංජිනේරු,​ වෛද්‍ය හෝ වෙනත්)
SG197419

බොදු ගොවි කොළඹ පදිංචි දෙමව්පියන් විසින් 1986 උපන් කොළඹින් නිවසක් හිමි නීතිඥ පුතුට සහකාරියක් සොයනු ලබයි. විස්තර p​r​o​p​d​u​m​@​y​a​h​o​o​.​c​o​m
​SG197938

බොදු ගොවි මාවනැල්ලට නුදුරු 96 උපන් 5‘ 6“ උස හමුදා සේවයේ ඉංජිනේරු අංශයේ රැකියාව කරන තැන්පත් ගති පැවතුම් ඇති ගේ දොර ඉඩකඩම් හිමි එකම පුතුට ගුණයහපත් දියණියක් මව්පියන් සොයයි. (කෑගල්ල,​ නුවර අවට විශේෂයි).
SG197662

බොදු ගොවි 49 ශාස්ත්‍රීය කටයුතුවල නියුතු තනිකඩ වූ මා දහමට ලැදි ස්ත්‍රියාවක් පතමි. මව පියා නොමැත. මාසික ආදායම ලක්ෂයක් පමණි. වැන්දඹු,​ දික්කසාද,​ එක්දරු සැලකේ. 0255743460,​ 0784701892.
SG198071

භේද,​ දෑවැදි නොසැලකේ. වැදගත් පියකරු 48 අඩු සහකාරියක් සොයන්නේ පෞද්ගලික විධායක (200,​000) වැටුපැති 1969 උපන් නීතියෙන් වෙන් වූවෙක්. 0117831996. තමාම අමතන්න. s​o​c​i​a​l​p​a​r​t​n​e​r​4​e​v​e​r​@​g​m​a​i​l​.​c​o​m
​SG198104

මාතර බොදු වයස 38 ක්වූ පළමු විවාහයෙන් මාස හයක් ඇතුළත නිතියෙන් වෙන්වූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන නිවසක්හිමි පවුලේ බාල පුතුට සුදුසු ප්‍රිය මනාප දියණියක් දෙමව්පියන් සොයයි. හඳහන් කොපිය අවශ්‍යයි. භේද නොසැලකේ.
SG197126

විශ්‍රාමික බැංකුකරුවකු වන සිංහල රෝමානු කතෝලික පියා ඔවුන්ගේ 1983 නොවැම්බර් උපත ලද උස 5'5' ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන තොරතුරු තාක්ෂණ (IT) උපාධිය හා මාස්ටර්ස් උපාධිධාරී (BCS- IT Uk,​ MSc Software Engineering SLIIT) වටිනා වත්කම් හිමි. තළෙළු කඩවසම් පුතුහට උගත් දියණියක් සොයයි. කුලය නොසැලකේ. පිළිතුරු m​a​r​p​r​o​p​s​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG198060

විශ්‍රාමික මාහට ගුණයහපත් කරුණාවන්ත නිරෝගී කාන්තාවක් සොයමි. දුරකථන අංකය සහ ලිපිනය සඳහන් කරන්න. දුරකථනය 011-2366824.
SG197658

1977 උපන් බොදු ගොවි උස 5' 6" සුරා සූදුවෙන් තොර කඩවසම් ව්‍යාපාරික එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112-952872.
SG197280

1984,​ 5' 8" උසැති නොගැලපූ පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වුන විදේශයක උසස් රැකියාවක නියුතු ක්‍රිස්තියානි පුතුට 1988 - 1994 අතර යහපත් දෙමාපිය යුවලකගේ උගත් රුවැති නිහතමානී දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අනවශ්‍යයි. 031-2275523.
SG197744

1989 මාතර බොදු ගොවි/​ දේව උස අඩි 6 වාහන දේපළ හිමි පරිගණක ඉංජිනේරු පුතුට සුදුසු සහකාරියක දෙමව්පියෝ සොයති.v​a​j​i​r​a​5​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SG197997

1990 මහනුවර උස 5' 7" උසස් පෙළ දක්වා උගත් පෞද්ගලික ආයතනයක Printer Technician පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවැති දියණියක් සොයයි. 081-2210338.
SG198091

1990/​3 සිංහල බොදු/​ ගොවි දෙමව්පියන් කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුතුට උගත් රූමත් දහමට ලැදි සමාන සුදුසුකම් ඇති 5' ට වැඩි සුදුසු සහකාරියක් සොයයි. h​a​n​p​e​r​e​r​a​1​@​g​m​a​i​l​.​c​o​m
​SG197980

1997 නුගේගොඩ බොදු කතෝලික 5' 7'' උගත්,​ කඩවසම් ගුණගරුක වත්කම් සතු,​ ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු පවුලේ එකම පුතුට,​ රූමත්,​ ගුණයහපත් දෙමාපිය සෙවනේ හැඳුණු දියණියක් දෙමව්පියෝ සොයති. හඳහන සමග සියලු විස්තර සහිත ලියන්න. භේද නොසැලකේ. (රැකියාවැති/​ නැති,​ සමකුල පමණක් ලියන්න)
SG197406

1998 දකුණේ බොදු ගොවි 5' 10" රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍ය පුතුට යෝජනා කර තැබීමට සම අධ්‍යාපනික සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. (වෛද්‍ය,​ ඉංජිනේරු,​ IT විශේෂයි) දුරකථන අංකය : 0472225583.
SG197730

Comments