සිංගර් ශ්‍රී ලංකා 17 වැනි වරටත් SLIM KANTAR සම්මානයට | Page 10 | සිළුමිණ

සිංගර් ශ්‍රී ලංකා 17 වැනි වරටත් SLIM KANTAR සම්මානයට

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව17 වන වරටත් SLIM-KANTAR සම්මාන උලෙළේ දී වසරේ කල් පවතින පාරිභෝගික සන්නාමයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා පැවසුවේ පාරිභෝගික හදවත්වල සිය සන්නාමය කෙරෙහි පවතින විශ්වාසනීයත්වයට මෙම සම්මානය හොඳම උදාහරණයක් බවයි.සිංගර් ශ්‍රී ලංකාහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන පැවසුවේ සිය පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නිෂ්පාදන සහ සේවා පරාසය අඛණ්ඩව පුළුල් කිරිමට සිංගර් ශ්‍රී ලංකා නිරන්තරයෙන්ම ඇප කැපවී සිටින බවයි.

Comments