මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ තදාසන්න,​ 1989 මාර්තු උපන්,​ උස 5'3",​ බොදු ගොවි,​ ප්‍රධාන බෞද්ධ බාලිකා පාසැලක ඉගෙනුමලත්,​ IT ඉංජිනේරු,​ මෑතක සිංගප්පූරුවේ ප්‍රසිද්ධ සමාගමක සේවයට බැඳුනු (කලින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක සේවය කළ),​ මාස්ටර්ස් /​ IT (කොළඹ) හා BEng (ඉලෙක්ට්‍රොනික්ස්) උපාධියලත්,​ රූමත්,​ මනා ගතිගුණ ඇති දියණිය සඳහා සුදුසු සහකරුවෙකු සොයයි. සහකරුගේ කැමැත්ත ඇතිව කැනඩාවේ පදිංචි වීමට කැමතිය. එකම සොහොයුරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ විධායක අය වෙති. වටිනා වත්කම් ඇයට උරුමය. හොඳ ගතිගුණ ඇති,​ නිරෝගීමත් පවුල් පසුබිමක සුදුසු සහකරුවකු අපේක්ෂා කෙරේ. අමතන්න. 0112849850. h​g​a​m​a​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​
B190388

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5'7" තලෙළු සිහින් සිරුරැති BSc (තොරතුරු තාක්ෂණ) MBA සමත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු (QA) තත්ත්ව සහතික දියණියට සුදුසු සහකරුවකු සොයයි. f​i​n​d​p​r​o​p​o​s​a​l​2​2​@​g​m​a​i​l​.​c​o​m
​B190099

බොදු ගොවි මාතර දිස්ත්‍රික්කයේ වැදගත් ව්‍යාපාරික පවුලකින් පැවත එන උස 5' 3" හා වයස අවුරදු 32 වන ප්‍රසන්න පෙනුමක් ඇති කොළඹ ප්‍රධාන පාසැලකින් අධ්‍යාපනය හදාරා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි හැදෑරූ දියණියට සුදුසු,​ ගුණවත්. අවංක,​ උගත්,​ සහකරුවකු දෙමව්පියන් සොයති. කරුණාකර ඔබගේ පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත යොමු කරන්න. c​m​w​c​h​a​t​h​u​r​i​k​a​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112702794 (9am to 5pm,​ සතියේ දිනවල පමණි)
B190414

කොළඹ තදාසන්න පෙදෙසක වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ 1991 ඔක්තෝම්බර් මස උපත ලද සිහින් සිරුරැති ආකර්ෂණීය කඩවසම් උස 5'4'' වන කොළඹ 7 ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ විදේශ විශ්වවිද්‍යාලයකින් මානව සම්පත් විෂය පිළිබඳව උපාධි ලැබූ විදේශයන්හි සේවය කළ පසුව කොළඹ තොරතුරු තාක්‍ෂණ සමාගමක සේවය කළ දැනට දකුණු ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් මනා ගතිපැවතුම් ඇති ඕස්ට්‍රේලියාවේ /​ නවසීලන්තයේ /​ එක්සත් රාජධානියේ /​ ඇමරිකාවේ ජීවත් වන සහකරුවකු සොයයි. සියලුම පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු j​r​o​w​i​t​h​2​8​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B190377

වැදගත් බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම සිහින් සිරුරැති රූමත් ගුණවත් 1985 උපන්,​ කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක ඉගෙනුමලත්,​ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිලත් හා ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන දියණිය සඳහා,​ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් විශේෂයෙන් ඇමරිකාවේ පදිංචි මනා ගතිගුණ ඇති පුතකු සොයයි. කුල හෝ ආගම් භේද නොසැලකේ. කරුණාකර,​ පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් පමණයි. k​p​r​o​p​2​0​@​g​m​a​i​l​.​c​o​m​
B189977

සිංගප්පූරුවේ වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ සිහින් සිරුරැති වයස 26 (1996) උස 5'3" සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු BA ගෞරව හා MA පර්යේෂණ ඉංග්‍රීසි වාග් විද්‍යා උපාධි සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකින් ලද දැනට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මත්පැණින් හා දුම්පානයෙන් තොර පුතකු සොයයි. ඇය PhD උපාධිය 2003 වසරේදී අරඹනු ඇත. සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. විද්යුත් තැපෑල මගින් පමණක් කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​h​d​m​@​g​a​m​i​l​.​c​o​m​ වෙත එවන්න.
B190358

හෝමාගම බල ප්‍රදේශයේ පදිංචි බොදු ගොවි අවු. 25 උස 5'1" රුවැති පැහැපත් ගුණයහපත් NSBM හි Business Management උපාධිය ලබා ඇති තම දියණියට කුජ 2,​ 4,​ 7,​ 8 හෝ 12 කේන්දර හිමි සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. විදේශගතව රැකියාවක් කිරීමට ප්‍රියකරන දියණියට සුදුසු විදේශ රැකියාවක නියුතු පුතෙක් නම් විශේෂයි. h​e​t​t​i​j​a​y​a​r​a​t​n​e​6​@​g​m​a​i​l​.​c​o​m​
B190080

26 හැවිරිදි 5' 4" බොදු ගොවි ඇමරිකානු සමාගමක ඉහළ වැටුපක් ලබන ස්ථිර රැකියාවක නියුතු උපාධිධාරිනී පවුලේ එකම රූමත් දියණියට සුදුසු විධායක ශ්‍රේණියේ සහකරුවකු දෙමව්පියෝ සොයති. 081-2404898.
B190123

අත්සනට පමණක් සීමාවූ විවාහයකින් දික්කසාද වූ 39 හැවිරිදි බොදු ගොවි රජයේ වෛද්‍යවරියකට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමාපියෝ සොයති. කොළඹට නුදුරු නිවසක් හා දේපළ හිමිය.
SB189402

ඕස්ට්‍රේලියානු (ද්විත්ව),​ විශ්වකුල,​ උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝසියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන,​ ඉතා පැහැපත්,​ පියකරු,​ 5'3',​ එකම දරුවාට,​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති සිංහල,​ බෞද්ධ හැදියාවැති,​ නිවුන,​ මෘදු,​ නිරහංකාර,​ උගත් (විද්‍යාවන් හෝ පරිගණක) පුතෙක් සොයති. දෙසැම්බර් ලංකාවට පැමිණෙන්නෙමු. කුලය නොසැලකේ. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය /​ රැකියාව/​ ඡායාරූප සහෝදර ඇතුළු පවුලේ විස්තරද,​ විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB189499

කරාව කතෝලික /​ බෞද්ධ කොළඹට තදාසන්න පෙදෙසක වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 98 උපත ලද,​ උස 5' වන කොළඹ ප්‍රධාන පෙලේ කතෝලික පාසලක ඉගෙනුම ලැබූ වර්තමානයේ පෞද්ගලික බැංකුවක සේවය කරන හා උසස් අධ්‍යාපනයේ නියලී සිටින දෙමහල් නිවසක් හිමි දියණියට යෝග්‍ය වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. බෞද්ධයන් සලකා බැලේ. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර p​r​o​p​c​m​b​9​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB190191

කැනඩාවේ අධ්‍යාපනය අවසන් කර රැකියාවේ නියුතු බොදු/​ ගොවි 5' 2'' උසැති 1991 අප්‍රේල් නීති උපාධිධාරී රූමත් දියණියට කැනඩාවේ පදිංචි උගත් ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයයි.
SB190355

කුරුණෑගල බොදු ගොවි ජාත්‍යන්තර සමාගමක අධ්‍යක්‍ෂ දූරයක් දරන 56 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. වාහනයක් නිවසක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SB189534

කොළඹ දිස්ත්‍රික්කයේ,​ බෞද්ධ ගොවි /​ කරාව මිශ්‍ර,​ වැදගත් පවුල් පසුබිමක් ඇති,​ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලින් විශ්‍රාමික මව තම දියණියට උගත්,​ වැදගත් පුතෙකු සොයයි. 1989 නොවැ. උපන්,​ උස 5'3" වන දියණිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. විදේශ අධ්‍යාපන කටයුතු නිමකර නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිතයි. එකම සොහොයුරා පරිගණක ක්‍ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක නියැලේ. පවුලේ විස්තර හා හඳහන් පිටපත ද සමග s​u​n​s​h​i​n​e​p​r​o​p​o​@​g​m​a​i​l​.​c​o​m​ මගින් ලියන්න. දුරකථන : 071 1904005,​ 0112843116 සවස 04.00 ත් රාත්‍රී 09 ත් අතර අමතන්න.
SB190101

කොළඹ බොදු ගොවි අවුරුදු 27 වෛද්‍ය දියණියට සහ අවුරුදු 23 ඉංජිනේරු දියණියට සුදුසු සමකුල සහකරුවන් වෛද්‍ය මව සොයයි. පියා ඉංජිනේරුවරයෙකි. (නැසීගිය) දුරකථන අංකය සමග විමසන්න.
SB189802

කොළඹ බොදු ගොවි අවු. 34 (1988) වයසැති කෙටි විවාහයකින් දික්කසාද,​ උස අඩි 5 අඟල් 7 පස්චාත් උපාධිධාරී දැනට ඕස්ට්‍රේලියාවේ රැකියාවක නියුතු ආගම,​ දහමට ලැදි කලාකාමි දියණියට වයස 34 ත් 42 ත් අතර අවම 5' 9" ක් උස සුරාවෙන් සූදුවෙන් තොර උගත් ආගමට සහ කලාවට ලැදි සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියන් සොයයි. රවි හෝ රාහු 7 වැන්නේ සිටින අය වඩාත් සුදුසු වෙයි. විමසීම් : p​r​o​p​o​s​a​l​s​m​e​l​.​1​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB190138

කොළඹ වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ 1990/​06 උපත ලද උස 5'6" සිහින් සිරුරැති,​ රූමත්,​ නුවණැති,​ තලෙළු,​ එක්සත් රාජධානියේ තොරතුරු තාක්‍ෂණ උපාධිය සම්පූර්ණ කරන ලද /​ ලංකාවේ MBA උපාධිය ලද ප්‍රසිද්ධ සමාගමක කළමනාකාරිනියක ලෙස සේවය කරන දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත්,​ දුම්පානයෙන් තොර මනා ගතිපැවතුම් ඇති කරුණාවන්ත (වයස අවු. 36 අඩු) කඩවසම් පුතුට සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු. m​p​r​o​p​2​2​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. එතෙර යෝජනා සලකා බැලේ.
SB190083

ගම්පහට නුදුරු බොදු ගොවි 5' උස,​ පියකරු උපාධිධාරී ගුරු සොහොයුරියට,​ 56 - 65 අතර සුදුසු සහකරුවෙකු ගුරු සොහොයුරා සොයයි. එක් දරුවෙක් වුවද කම්නැත.
SB190180

ගම්පහ බොදු ගොවි 1996 රජයේ ලිපිකරු (බාහිර උපාධි අවසන් වසර) දියණියට රජයේ ස්ථිර රැකියාවක නිරත ගුණ යහපත් පුතෙකු මව්පියෝ සොයති. ගම්පහ විශේෂයි.
SB189881

දකුණේ බොදු ගොවි අවු. 26 උස 5' 3" රූමත් චරිතවත් හෙද රජයේ රැකියාව ඇති දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. වැඩිමහල් සහෝදරයින් උසස් නිල තල දරයි. ගුරු වෘත්තීය විශේෂයි.
SB189808

නිට්ටඹුව බොදු ගොවි 1993 උපන් 4' 11'' උස වෘෂ්චික ලග්නය හිමි පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරී දැනට පෞද්ගලික අංශයක රැකියාවක නියුතු නිවසක් වාහනයක් සහ වත්කම් හිමි දියණියට විවාහයට සමකුල පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. විවාහයෙන් පසු විදේශගත වීමට හැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් සතුව තිබීම හෝ රැකියාවැති විශේෂයි.
SB190326

බස්නාහිර රජයේ විධායක වැටුප 92,​000/​= අවු. 53 අවිවාහක සොයුරියට උගත් සහකරුවකු සොයයි. දායාදය ලක්ෂ 80 නවීන නිවසක් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව දරුවකු සාදා ගැනීමට කැමති අය ලියන්න. නිර්භේදයි.
SB190330

බස්නාහිර සිංහල බෞද්ධ වයස අවු. 39 ක් වූ (1983 උපන්) ප්‍රියමනාප උස 5',​ රාජ්‍ය අංශයේ සේවයේ නියුක්ත උපාධිධාරී දික්කසාද පුතෙකු තම බාරයේ සිටින දියණියට උගත් කරුණාවන්ත සහකරුවෙකු දෙමව්පියෝ සොයති. s​a​n​d​a​1​2​3​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB190055

බොදු කරාව,​ ධනවත් දෙමාපියන් විසින්,​ තම මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වෘත්තියේ නියැළි,​ රූමත් දියණිය සඳහා සුදුසු,​ කාරුණික,​ විශේෂයෙන් වෛද්‍ය පුතෙකු සොයයි. ඇය සතුව,​ රුපියල් මිලියන 150 ඉක්මවූ,​ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවසක් සහිත දේපළද ඇතුළත්ව අනෙකුත් වත්කම්ද ඇත. කේන්ද්‍රය හා අනෙකුත් විස්තර සමග පිළිතුරු එවන්න. කුලය නොසැලකේ.
SB190061

බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලැබූ ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු,​ පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් හා නිවසක් හිමිය.
SB189791

බොදු ගොවි වයස 28,​ උස 5'1" රූමත් පශ්චාත් උපාධිය හදාරන කෘෂි උපාධිධාරී දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. වෛද්‍යවරු විශේෂයි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයන් වන අතර,​ අනෙක් සහෝදරයා සහ සහෝදරිය වෛද්‍යවරුන් වේ. පියා ජීවතුන් අතර නොමැත. 0768885603,​ 0252249346.
SB190069

බොදු දෙමාපියන් ඔවුන්ගේ 1977/​10 උපත ලද උස 5' 2" පශ්චාත් උපාධිධාරී ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක සේ කොළඹ පෞද්ගලික සමාගමක සේවය කරන දියණියට යෝග්‍ය අවිවාහක වයස අවුරුදු 46-48 අතර සහකරුවකු සොයයි. භේද නොසැලකේ. p​m​a​r​r​i​a​g​e​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SB190121

බොදු විශ්ව වයස 29 උස 5' 6" ප්‍රසන්න පෙනුම ඇති MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. c​p​r​o​p​a​s​a​l​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB189300

මතුගම බොදු ගොවි 1981 උපන් 5' 2" පමණ උස උපාධිධාරී රූමත් නීතිඥ වෘත්තියේ නියුතු දියණියට සුදුසු පුතනුවකු මව සොයයි. කුජ 1 ට ගැළපෙන කේන්දර. දායාද සහිතයි.
SB189511

මහනුවර උඩරට බොදු ගොවි මව ඇයගේ 1994 උපත ලද උස 5' 5" (ජ'පුර) කළමනාකරණ උපාධිධාරී විදේශ ගතවීමට කැමති ගණකාධිකාරිනී දියණියට උගත් කරුණාවන්ත ගොවි බොදු පුතකු සොයයි. මහනුවර /​ මාතලේ /​ කුරුණෑගල /​ ඕස්ට්‍රේලියාව වඩාත් යෝග්‍යයි. 081-2203137 /​ k​a​n​d​y​m​p​r​o​p​o​@​g​m​a​i​l​.​c​o​m​
SB190199

මහනුවර,​ බොදු රජයේ ඉංග්‍රීසි ගුරු සේවයේ නියුතු උපාධිධාරී සිහින් සිරුරැති පියකරු,​ අවු. 36 උස 5' 2" සොයුරු සොයුරියන් විවාහක පවුලේ බාල දියණියට සුදුසු පුතකු මව සොයයි.
SB189517

මාතර බොදු දුරාව/​ ගොවි නිවසක් සහ දේපළ හිමි අවුරුදු 33 වයස උපාධිධාරි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 041-2226086.
SB189514

වයස 38,​ උස 5' 3'' සහකාර ගණකාධිකාරී දියණියට වෘත්තිකයකු සොයයි. පාපීන් සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. භේද නොසැලකේ. s​v​i​n​o​j​o​t​h​i​o​8​@​g​m​a​i​l​.​c​o​m​
SB190261

1992/​10,​ 5' 2" පුද්ගලික ආයතනයක ගුරුවරියක් (ඉංග්‍රිසී මාධ්‍ය) ලෙස සේවය කරන ඉතා කෙටිකාලීන ලියාපදිංචියට සීමා වූ බැඳීම් රහිත විවාහයකින් නීතියෙන් වෙන් වී ඇති අප දියණිය ඩිප්ලෝමාධාරිනියක් වන අතරම අප සොයනුයේ බොදු ගොවි උසස් අධ්‍යාපනයක් ඇති ස්ථාවර රැකියාවක නියුතු ගුණයහපත් වැදගත් පවුලක පුතෙකි. අප දෙදෙනාම රජයේ විශ්‍රාමික විධායක නිලධාරීන් වන අතරම අප දියණියට දෙමහල් නිවසක් ස්ථාවර තැන්පතු,​ ඉඩම්වලින් සුරක්ෂිත ආර්ථික ස්ථාවරවත් සහ ආකර්ෂණීය පෙනුමක් ඇත. p​r​o​p​2​2​2​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​
SB189884

1993 කළුතර බොදු ගොවි රුවැති රජයේ හෙද නිලධාරිනියට ප්‍රියමනාප රජයේ හෝ වෙනත් සහකරුවෙකුටයි මේ ආරාධනය.
SB189878

1995 උපන් බොදු ගොවි රූමත් 5' 4" උස උපාධිධාරී,​ රැකියාවේ නියුතු දේපල හිමි පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි.
SB189805

1995 උපන් බොදු 4' 7" උස තලෙළු දියණියට සාමාන්‍ය පවුලකින් ගුණ යහපත් දුසිරිතෙන් තොර සහකරුවකු දෙමාපියන් සොයයි.
SB190223

1996 රාජගිරිය බොදු ගොවි 5' ජ'පුර (Mgt) උපාධිධාරිණී රජයේ රැකියාවැති ප්‍රියමනාප දියණියට උගත් රැකියාවැති පුතෙකු විශ්‍රාමික පියා සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB189528

Comments