පවුල් ලක්ෂ 32කට බිලියන 200ක සහනාධාර | Page 12 | සිළුමිණ

පවුල් ලක්ෂ 32කට බිලියන 200ක සහනාධාර

ර්තමානයේ උද්ගත වී ඇති අර්බුදය මත දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 32ක් සඳහා එක් පවුලකට රුපියල් 7,500 සිට 10,000ක් දක්වා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 200කි.

අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවේදී මෙම තීරණය ගනු ලැබූ බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සිළුමිණට සිකුරාදා (01) රාත්‍රියේ පැවසුවේය. ලෝක ආහාර සංවිධානයේ ආධාර මත මේ සහනාධාර ලබාදීමට කටයුතු කෙරේ. දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟේ.

 

Comments