මුදල් අනුමත ඇඹල විහාර මාවතේ ඉදිකිරීම් අරඹනු | Page 2 | සිළුමිණ

මුදල් අනුමත ඇඹල විහාර මාවතේ ඉදිකිරීම් අරඹනු

මහනුවර, අරුප්පල, ඇඹල විහාර මාවත ඉතාම අබලන් තත්ත්වයේ පසුවන මාර්ගයකි. පවුල් විශාල සංඛ්‍යාවක් ප්‍ර යෝජනයට ගැනෙන ඇඹල විහාර මාවත කාපට් කරගැනීම සඳහා වසර ගණනාවක් පුරා රාජ්‍ය ආයතනවලින් ඉල්ලීම් කෙරිණි. අභාග්‍යයනම් මේ වනතුරුත් එම ඉල්ලීම් කිසිවක් සාර්ථක නොවීමයි.

කෙසේ වුවත් ඉකුත් කාලයේ මා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙකී මාර්ගය සකසා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරන ලදී. ඒ සඳහා අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු වීම පැසසුමට කරුණකි. ඒ අනුව මාර්ගය ඉඳිකිරීම සඳහා ලක්ෂ 45ක්ද අනුමත කළේය. එම කටයුතු සිදු වූයේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟිනි.

මාර්ගය සංවර්ධන අධිකාරියද කඩිනමින් ක්‍රියාත්මක වී ඇඹල විහාර මාවත කාපට් ඇතිරීම සඳහා ඇස්තමේන්තු ගත මුදල සඳහා ටෙන්ඩර්කරුවකු කැඳවා ටෙන්ඩරය ටෙන්ඩර්කරුවකු වෙත පැවරීමද සිදු විණි. එම ආයතනය කුණ්ඩසාලේ ආයතනයකි. දැනට වසරකට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතුරුම එහි වැඩ කටයුතු ආරම්භ වී නොමැත. ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් සිහි කැඳවීම්ද කර ඇත.

මෙකී මාර්ගය අනුමත වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ පැකේජ් 89 යටතේය. මුදල් ද අනුමත ව කොන්ත්‍රාත්කරුවකුටද ඉදිකිරීම් පවරා ඇති මෙහි ඉදිකිරීම් කඩිනමින් ඇරැඹීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා.

 

Comments