පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 28 වැනි දා දක්වා පැවැති තරග ආශ්‍රිතව ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකේය බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
ඒ අතරේ මීට පෙර පොදු රජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව පදක්කම් ලාභී ක්‍රීඩකයින් තිදෙනෙක්ද වෙති. ඒ චින්තන ගීතාල් විදානගේ, ඉන්දික චතුරංග දිසානායක සහ චතුරංග ලක්මාල් ජයසූරිය ය.
චින්තන ගීතාල් විදානගේ නොකඩවා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට වරම් ලබා ගත් 05 වැනි අවස්ථාව මෙය වන අතර එය නව වාර්තාවකි. පුරා වර්ෂය 17 ක් තිස්සේ තම රිද්මය මැනවින් පවත්වා ගනිමින් එවන් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ පළමුවැන්නා ලෙස ඔහු මෙරට බර ඉසිලීමේ ඉතිහාසයට එක්වෙයි.
2006 වසරේද රන් පදක්කමක් ද 2010 වසරේ දී රිදී පදක්කමක්ද දිනා ගැනීමට චින්තන ගීතාල් විදානගේ ට හැකි වූ අතර 2018 වසරේ දී රිදී පදක්කම දිනා ගැනීමට ඉන්දික චතුරංග දිසානායක සමත්වන අතර වාරයේ ලෝකඩ පදක්කමක් තහවුරු කර ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය ට හැකි විය.
පසුගිය වර ක්‍රීඩා උළෙලේදී පදක්කම් අතර සිටී හංසනී ගෝමස් මෙවර ක්‍රීඩා උළෙල සඳහා වරම් ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙනේ.
ඩිලංක ඉසුරු කුමාර (කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය), තිලංක විරාජ් පළඟසිංහ (කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර පන්තිය), චතුරංග ලක්මාල් ජයසූරිය (කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය), ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය), චින්තන ගීතාල් විදානගේ (කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර පන්තිය), උෂාන් චාරුක විදානපතිරණ, (කිලෝ ග්‍රෑම් 109 ට වැඩි බර පන්තිය), ශ්‍රීමාලී සමරකෝන් (කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය), චමරි වර්ණකුලසූරිය (කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය), චතුරිකා ප්‍රියන්ති (කිලෝ ග්‍රෑම් 87 ට අඩු බර පන්තිය) සහ තිමාලී හපුතැන්න (කිලෝ ග්‍රෑම් 87 ට වැඩි බර පන්තිය) එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙති.