ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සුපුරුදු පරිදි අද පස්වරුවේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. 14වැනිදා පැවැති පළමු තරගයේ දී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙරට 204වැනියා ලෙස එක්දින වරම් දිනා ගත් අතර, එකී තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 02කින් ජය හිමි කර ගත් අතර දෙවැනි තරගය බ්‍රහස්පතින්දා එකී ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විණි.සිව්වැනි තරගය 21 සහ පස්වැනි තරගය 24වැනි දිනවල ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යම් අසනීප තත්ත්වයකින් පසු වූ නමුත්, ඔහු මේ වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව ද වාර්තාවෙයි.
නායක දසුන් ශානක පන්දු 25කින් වාර්තා කළ වේගවත් ලකුණු 54න් ශක්තිමත් වෙමින් සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ තරගාවලිය 2-1ක් ලෙස පරාජය වෙමින්ය. මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගය ජය ගැනීම සඳහා ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ හයවැනි කඩුල්ල ලකුණු 108 දී බිඳ වැටුණු අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 15කට ද, අනතුරුව චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අතරේ දෙවැනි කඩුල්ල සදහා ලකුණු 42(30)ක සබදතාවයක් ගොඩ නැගුණු අතර චරිත්ගේ ඉනිම ලකුණු 26කට සීමා විය. අනතුරුව 7 වැනි කඩුල්ල සදහා දසුන් හා චාමික කරුණාරත්න අතරේ පන්දු 25කින් වාර්තා වූ නොබිඳුණු සබදතාවය ලකුණු 69ක් ශ්‍රී ලංකා ඉනිමට එක් විය.
තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු 18 තුළදී ලකුණු 59ක් අවශ්‍ය වූ පසුබිමක දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුහ.
අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 05ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් විය.කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමි වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට එළඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙන අතර,ආබාධ තත්ත්වයකින් පසු වීම හේතුවෙන් කුසල් ජනිත්ට නිමා වූ ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි විය.
ඔහු අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් 21 දා බ.ඉ.කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී යි.
එමෙන්ම දෙසැම්බර් 19දා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසුව කුසල් ජනිත් මෙතෙක් කිසිඳු දේශීය තරගයකට හෝ ක්‍රීඩා කර නැත.
ඉදිරියේ දී ඔහු උරහිසක ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසයි.මෙකී ශල්‍යකර්මයෙන් පසුව සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළඟා කර ගැනීම සඳහා කුසල් ජනිත්ට යම් කාලයක් ගත වන බවත්, ඒ අනුව ලෝක කුසලානය සදහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවත් නවීඩ් නවාස් පවසයි.