එක් රැයකින් ලොවක් වසඟයට ගත් සුපිරි ක්‍රිකට් රසිකයෙක් වු ජොෂුවා | සිළුමිණ

එක් රැයකින් ලොවක් වසඟයට ගත් සුපිරි ක්‍රිකට් රසිකයෙක් වු ජොෂුවා

ඔස්ට්‍රේලියාවට එරෙහිව තෙවැනි විස්සයි20 තරගයේ දී දසුන් ශානක ඇදහිය නොහැකි ජයග්‍රහණයක් වාර්තා කරන ආකාරය ශ්‍රී ලංකා රසිකයන් බලා සිටියදී ජොෂුවා නම් පොඩ්ඩාගේ උද්යෝගීමත් සැමරුම කාගේත් නෙත් සිත් ඇඳ බැඳ ගත්තේ ය.

ජොෂුවා යනු ක්‍රිකට් පිස්සෙකු වූ මහනුවර නගරයෙන් සහ මෙරට පැරණිතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයේ අකුරු කරන දහවනවියේ පසුවන දරුවෙකි.

ජොෂුවා පෙරේරාගේ වදන්වලට අනුව නම්,මැච් එක බලා ගෙන ඉන්න කොට නම් අපිට දිනන්න පුළුවන් වෙයි කියලා නම් හිතුණේ නෑ.හැබැයි දසුන් ශානක එන කොට නම් මොනවා හරි දෙයක් වෙයි කියලා හිතුණා.හයේ පහරවල් තුනක් ගහන කොට නම් හිතුණා, එයා මේ මැච් එක දිනවයි කියලා.

මට ගොඩාක් සතුටුයි මැච් එක දිනපු එකට.මාව හැම තැනම ජනප්‍රියයි කියලා තාත්තා කිව්වා. හැබැයි ඊට වඩා දෙයක් නම් තාත්තා කිව්වේ නෑ.මේ මැච් එක බලන්න යන්න ටිකට් එක හම්බ වුණෙත් යහළුවෙකුගෙන්.

සිත්ගන්නා කරුණ නම්, ජොෂුවා ගේ ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම පෙනෙන විදිහට ආරම්භ වූයේ වසරකට පෙරය. ඔහු රග්බි ක්‍රීඩාවට ළැදි පවුලකින් පැවත එන නිසා ඔහු මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් කැමැත්තක් දැක්වූයේ ද නැත. කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය අතරතුර, ජොෂුවාට නිවසේදී අයි.පී.එල් නැරඹීමට ලැබුණු අතර එතැන් සිට ඔහු ඇදී ගියේය.

ක්‍රිකට්වලට ආදරය කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර ඇති. මම වමතින් වේග පන්දු යවන්න ආසයි.දකුණු අතින් තමයි බැට් කරන්නේ. අපේ අය ගෙන් ලසිත් මාලිංගට සහ චමින්ද වාස්ට කැමැතියි. පිටරට අය ගෙන් බ්‍රෙට් ලී ට සහ ෂොයිබ් අක්තාර්ට කැමැතියි. බ්‍රෙට් ලී ගේ ලොව වේගවත් ම පන්දුවේ ලෝක වාර්තාව කඩන්න ටාගට් කර ගෙන ඉන්නවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ පැවති 3 වන විස්සයි20 තරගය ඔහු ක්‍රීඩාංගණයකට ගොස් නැරඹු පළමු ජාත්‍යන්තර තරගයයි. ඔහු තවමත් වයස් කාණ්ඩ මට්ටමින් ක්‍රීඩා කිරීම ආරම්භ කර නැත, නමුත් ලබන වසරේ ඔහු ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන විට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වේ.

මම හිතනවා ලබන අවුරුද්දේ දහතුනෙන් පහළ සංචිතයට තේරෙයි කියලා.

ජොෂුවා පෙරේරා නම් මෙකී පොඩ්ඩා ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කරන ලොව වේගවත්ම පන්දු යවන්නා බවට පත්වීම සඳහා උසස් ඉලක්ක කිහිපයක් තබාගෙන ඇත.

Comments