
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් විය.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 71.% ඉක්මවන බවයි
මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය.
කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.
මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885කි.
මේ අතර මෙවර ඡන්ද විමසීම පැවත්වූයේ, මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීතිවලට අනුකූලවයි
ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි - Update
පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.