
තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු ඡන්ද දායකයින් සදහා තවත් දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිසම සදහන් කළේ ජූලි මස 24 සහ 25 යන දින දෙක තුළ තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බවයි.
තැපැල් ඡන්දය භාවිතා කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද දායකයින්ට තම කාර්යාලය පිහිටි දිස්ත්රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ජූලි මස 24 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාත් 25 වන දින පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ඡන්දය ප්රකාශ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පසුගිය මැතිවරණවලට සාපේක්ෂව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ප්රතිශතය අඩු මට්ටමක පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය සදහන් කළේය.