
තැපැල් ඡන්ද ප්රකාශ කිරීම පසුගිය සිකුරාදා අවසන් වූ අතර 70,5505ක් වූ තැපැල් ඡන්ද අයැදුම්කරුවන්ගෙන් 65%ක් පමණ තැපැල් ඡන්ද ප්රකාශ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට නොහැකි වූ අයට 20 හා 21 දෙදින තමන් පදිංචි දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම් කර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් සලසා ඇති බවද කොමිසමේ සභාව පෙන්වා දෙයි.
මේ අතර පවතින කොරෝනා තත්ත්වය තුළ නිරෝධායනය වන සියලු දෙනාට ඡන්දය ප්රකාශ කීරිමට අවස්ථාව ලබා දීම පිළිබඳව කොමිසමේ විශේෂ අවධානය යොමු කර ඇති බවද ඒ පිළිබඳව 20 පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීමේදී අවසන් තීරණයකට එළඹෙන බවද කොමිසම පෙන්වා දෙයි.