
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11වැනිදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මීට ටික වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ දැනුම් දුන්නේය.
අද පෙරවරුවේ පැවැත් වූ සාකච්ඡාවදී එම තීන්දුව ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ අතර දෙවන පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.