කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරිණ.
ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින්.
පාසල් තුළ ඉගෙනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් විසින් සිසුන් දැනුවත් කර තිබේ.
අද දින පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.
එළඹෙන ජූලි මස 20 වැනිදා සිට 12 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් එම අදියරේ පාසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙනුයේ ජූලි මස 27 වැනිදාය.
පාසල් යළි විවෘත කිරීමේ අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් සඳහා එළඹෙන අගෝස්තු මස 10 වැනිදා පාසල් ආරම්භ වනු ඇත.