
පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළේ, ඒ සඳහා වන උපදෙස් පත්‍රිකාවක් සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත යවා ඇති බවයි.
එම උපදෙස් පත්‍රිකාව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලබා දෙනු ඇති.
මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14 ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.