
දැනට ලෝකයේ වැඩිම කතාබහට ලක් වෙමින් තිබෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ වන්නේ 1948 අප්‍රේල් 7 වැනිදාය. මෙවැනි සංවිධානයක් පිහිටුවීමේ ලෝක අවශ්‍යතාව හඳුනා ගත් එක්සත් ජාතීන්ගෙ සංවිධානය සමස්ත ලෝකයේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීමට කටයුතු යෙදීය. මෙහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා තිබේ. එමෙන්ම මෙම සංවිධානය අරමුණ ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ‘ලෝකයේ සියලුම මිනිසුන්ට ලබා ගත හැකි උසස්ම සෞඛ්‍ය තත්ත්වය ලබාදීම’ යනුවෙනි.
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 194කි. ලෝක මට්ටමේ සෞඛ්‍ය විශේඥයන් 34 දෙනෙකුගෙන් සුසැදි කමිටුවක් නිරන්තරයෙන් මේ සාමාජික රටවල සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් ලබාදීම සඳහා කැපවෙමින් සිටී.
එමෙන්ම මෙහි ප්‍රධානියා ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින්නේ ටෙඩ්‍රොස් අධානොම් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක වන්නේ එයට ලබා දෙන අරමුදල් මතය. ප්‍රසිද්ධ කර ඇති අන්දමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රධාන වශයෙන් අරමුදල් ලබා දෙන රටවල් සහ ආයතන 10කි. ඒ අතර අංක එකට සිටින්නේ අමෙරිකාවයි.
අරෙමිකාව තනි රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් ප්‍රතිශතයක් ලෙස සියයට 15.9කි. එය තනි රටක් හෝ ආයතනයක් ලබා දෙන වැඩිම අරමුදල් ප්‍රතිශතයද වේ. දෙවැනියට ආධාර මුදල් ලබා දෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගෙට්ස්ය. එය සියයට 9.4කි. තුන්වැනියට මහා බ්‍රිතාන්‍ය සියයට 7.7ක ආධාර මුදල් සපයන්නේය.
ජර්මනිය්, ජපානය, රොටරි සමාජය, ලෝක බැංකුව සහ යුරෝපා සංගමයද මේ ආධාර සපයන ලැයිස්තුවේ සිටියද චීනය ඒ අතර නැත.
ශ්‍රී ලංකාවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාඩම්බර සාමාජිකයකු වන අතර, සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ 1952 වසරේදීය.