
මේ අති සුන්දර හිම තලාවක් යැයි ඔබට සිතෙනු ඇත. සීතල හිමෙන් වැසී ගිය කේතුධර වනාන්තරයක් අසල ඇති නිවෙස් මතට වැටී ඇති පුළුන් වන් සුදු පැහැ හිම තට්ටු ඔබගේ නෙත පිනවනු ඇත. එහෙත් සත්‍යය එයට හාත්පසින්ම වෙනස්ය. මේ, පසුගිය වසරේදී ස්පාඤ්ඤය අසල කැනරි දූපත්හි පිහිටා ඇති කුම්බ්‍රා වෙයිජා ගිනිකන්ද පුපුරා ගිය පසු ලබා ගත් ඡායාරූපයකි. පසුගිය වසරේ නොවැම්බරයේදී මේ ගිනිකන්ද පුපුරා ගිය අතර හෙක්ටයාර 1000ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ගිනි කන්දෙන් නිකුත් වූ අළුවලින් වැසී ගියේය. මේ ඡායාරූපයේ දිස්වන යන්තම් ඡායාවෙන් හඳුනා ගත හැකි නිවාස එසේ අළුවලින් වැසී ගිය නිවාස වේ. ඒවා යළි භාවිතයට ගැනීමට හැකිවූවාද යන්න සමබන්ධයෙන් කිසිදු සඳහනක් නැත. හිම නේද...? නැද්ද?