යුක්රේනය මේ වන විට බිමට සමතලා වෙමින් තිබේ. දසතින්ම රුසියානු හමුදා ඉදිරියට ඇදෙමින් පවතින අතර ජයග්‍රහණයක් පිළිබඳව යුක්රේනයට සිතා ගැනීමට හෝ නොහැකි බව තහවුරුය.
එහෙත් යුක්රේනය නොසිතූ විරූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී ඇත. ඒ යුක්රේන භූමියේදී නොව චීනයේදීය. චීනයේ පසුගියදා පැවති ශීත ඍතු ඔලිම්පික් උලෙළේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට යුක්රේනයට හැකියාව ලැබුණේ ලොවම පුදුමයට පත් කරමිනි.
චීනයේ බීජිංහි මෙවර ඔලිම්පික් ශීත ඍතු තරග පැවැත්වූයේ 2008 වසරේ ඔලිම්පික් උලෙළ පැවැත්වූ ‘කුරුළු කූඩුව’ යනුවෙන් නම් කළ ක්‍රීඩාංගනයේය. වසරේ වැඩි මාස ගණනක් දැඩි ශීත කාලයකින් සමන්විත වන රුසියාව සාමාන්‍යයෙන් ශීත ඍතු ඔලිම්පික් උලෙළේ වැඩිම පදක්කම් දිනා ගන්නා රට බවට පත් වීම සාමාන්‍ය වුවද මෙවර ඔලිම්පික් කමිටුව විසින් රුසියාව තහනම් කළ බැවින් සෙසු රටවලට වඩා වැඩි අවස්ථාවක් හිමි විය. කෙසේ වුවද ඒ වන විටත් රුසියානු හමුදා යුක්රේනය තුළට කඩා වදිමින් සිටි බැවින් යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගී වූයේ යහපත් මානසිකත්වයකින් නොවේ. තරග ආරම්භයට පෙර ‘පදක්කම් පිළිබඳ බලාපොරොත්තු’ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස බොහෝ යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසා සිටියේ තමන්ට පදක්කම් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් එකම බලාපොරොත්තුව තම රටට සාමය ලැබීම බවත්ය.
එසේ වුවද තරගාවලිය පුරා ඉමහත් අධිෂ්ඨානයෙන් තරග වැදුණු යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවසානයේ තරගාවලිය අවසාන කළේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි. මෙය ඔලිම්පික් ඉතිහාසයේ යුක්රේනය ලැබූ විශාලතම ජයග්‍රහණය වශයෙන් ඉතිහාසගත වේ.
පදක්කම් පැලඳීමේදී ඇතැම් යුක්රේන ක්‍රීඩකයන් හඬා වැටුණු අතර 19 හැවිරිදි ක්‍රීඩිකා ඇනස්ටාසියා ලලේටිනා තම ඉසව්ව අවසානයේ ලෝකඩ පදක්කමක් වාර්තා කිරීමෙන් පසු ඇයට අසන්නට ලැබුණේ ඇයගේ පියා රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි. ඇයගේ පියා යුක්රේන හමුදාවට එක්වී තිබිණි.
කිනම් මානසික තත්ත්වයක් යටතේ වුවද බිජීං ඔලිම්පික් ක්‍රීඩාංගණය නිල් සහ කහ පැහැති ධජයෙන් බැබළවීමට කටයුතු කළ යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යුද බිමක් බවට පත්වූ තම සාමකාමී දේශය පිළිබඳ බලාපොරොත්තු අත් හැර නොගනිමින් සටන් වදිමින් සිටින තම නෑසියන් වෙත සටන් වැදීමේ අප්‍රතිහත ධෛර්යය සහ මානසික ශක්තිය ගෙන ගෙන යෑමට සමත් වූහ.